Monday, November 27, 2017

ග්ලැසියර් ක්‍රියාවලිය


අධික බරින් හා පීඩනයෙන් යුත් ග්ලැසියර් තල භූ තලය මත ගැලීමේ දී එහි උෂ්ණත්වය ඉහළ ගොස් දියවීම ඇරඹී ගුරුත්ව බලය නිසා ගැලීම සිදුවේ. බොහෝ විට මෙම ගැලීම පියවි ඇසට නොපෙනෙන තරම් හිමින් සිදුවේ.
සමහර විට දිනකට සෙන්ටිමීටර් කිපයක් පමණ ගැලීම සිදුවේ. නමුත් ගිම්හාන සෘතුවේ දී ගැලීම වේගවත් වේ.
මෙසේ ගැලීම නිසා ග්ලැසියර් ක්‍රියවලිය ඇරඹේ. අනෙකුත් ඛාදන කාරකයන් වලදි මෙන් ග්ලැසියර් ක්‍රියාවලිය ආකාර 3 කි.
ඛාදන ක්‍රියවලිය
2 පරිවාහන ක්‍රියාවලිය
3 නිධි සාදන ක්‍රියාවලිය
ග්ලැසියර් කරණය ආශ්‍රිත ඛාදන ක්‍රියාවලි ආකාර 3 කි.
1 උත්පාටනය
2 පිරිසැරිම
3 උල්ලෙඛය
උත්පාටනය
ග්‍රීස්ම සෘතුවේ දී කදු මුදුන්වල කුඩා ආවාට හෝ ගල් පර්වත අතර කුස්තුර තුළට ඇතුල්වන ජලය ශ්‍රීත සෘතුවේ දී මිදෙන විට එහි පරිමාව 10 % කින් පමණ ඉහළ යාම නිසා පීඩන
ය වැඩි වි එම පාෂාණ වල පතුරු ගැලවි පුපුරායාම තුළින් සිදුවන ඛාදනයයි. උදාහරණ ලෙස කදුකර ප්‍රදේශ වල ඇති සර්ක හෙවත් කොරි නිර්මාණය වන්නේ ද මෙම උත්පාටන ක්‍රියාවලිය හේතුවෙනි.
පිරිසැරිම
පිරිසැරිම යනු ග්ලැසියර් කුට්ටි ගමන් කරන විට නිම්න වල ඇති පාෂාණ ඛාදනය වී යෑමයි. පිරිසැරිම නිසා ග්ලැසියර් තලයේ පහළටම නිම්න පත්ල ඛාදන විමෙන් U හැඩ නොගැඹුරු නිම්න නිර්මාණය වේ.
උල්ලේඛය
උල්ලේඛය යනු තද පාෂාණ සහිත ප්‍රදේශයක් ඔස්සේ ග්ලැසියර් ගමන් කල විට ඒවා ඛාදනය නොවී සිරි ඔප මට්ටම් විමයි. බොහෝ විට ග්ලැසියර් ගමන් කරන නිම්නයේ පත්ල ඔප මටිටම්ව ඇත්තේ මෙම උල්ලේඛ ක්‍රියාව නිසාය.
ග්ලැසියර් සානු නිර්මාණය වන්නේ මෙසේ සිදුවන උල්ලේඛය හේතුවෙනි.
ග්ලැසියර් වර්ග
 ව්‍යාප්තිය අනුව ග්ලැසියර් වර්ග 2 කි.
1 කදු ග්ලැසියර් හෙවත් නිම්න ග්ලැසියර්
2 මහද්වීපික ග්ලැසියර් හෙවත් මහතලා ග්ලැසියර්
කදු ග්ලැසියර් හෙවත් නිම්න ග්ලැසියර්
හිමාලය / රොකී / අන්දිස් / ඇට්ලස් / පිරිනිස් / කිලිමන් ජාරො ඇල්පස් , ආදි කදුකර ප්‍රදේශ වල 6000 m ට වඩා උස ප්‍රදේශ වල ඇති ග්ලැසියර් කදු ග්ලැසියර් නම් වේ. මෙවා කදුකර නිම්න තල තැම්පත්ව ඇති නිසා නිම්න ග්ලැසියර් ලෙස හදුන්වයි.
නිම්න ග්ලැසියර් ක්‍රියාවලිය ආශ්‍රිත භූ රූප
අපේ අධ්‍යාපනයේ පහසුව සදහා නිම්න ග්ලැසියර් ආශ්‍රිත භූ රූප වර්ග 3 කට බෙදේ.
1 නිම්න වලට ඉහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප (කදු මුදුන් )
2 නිම්න වල පහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප 3 නිම්න ග්ලැසියර් ආශ්‍රිත නිධි සාධිත භූ රූප.
නිම්න වලට ඉහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප
සර්ක - කොරි - කොම් - ද්‍රෝණි.
ගිරි විල - ටාන් විල්
අරේට
පිරමීඩ ආකාර කූට
හෝන් තුඩු / ගිවර.
සර්ක
උත්පාටනය නිසා කොරි නිර්මාණය එනම් ග්‍රීස්ම සෘතුවේ කුඩා ආවට වලට පිරෙන ජලය ශ්‍රීත සෘතුවේ දී ඝනිභවනය විමෙන් එහි පීඩනය වැඩිවි පාෂාණ කැබලි ගැලවි යාම හෙවත් උත්පාට ක්‍රියාවලිය නිසා නිර්මාණය වන පළල් ගැඹුරු ආවාට කොරි නම් වේ.
සමහර විටක කදු මුදුන වටා කොරි වළල්ලක් ලෙස මෙය පිහිටයි.
මෙය හාන්සි පුටුවක හැඩය ගනි.
ගිරි විල
ග්‍රීස්ම සෘතුවේ දි කොරිය ජලයෙන් පිරීගිය විට එය කදු මුදුනේ පිහිටි විලක් මෙන් පිහිටයි.
එය ගිරි විල නම් වේ. උදාහරණ ලෙස ලෝකයේ උසම විල ටිටිකකා විල ( අන්දීස් විල )
අරේට
කොරි දෙකක් අතර තියුණුව පිහිටි නෙරුව අරේට වේ. දළ බෑවුම් සහිතය.
  

තෙත්බිම් පරිසර පද්ධති.

තෙත්බිම් පරිසර පද්ධති.



තෙත් බිම් යනු ස්වභාවිකව හෝ කෘතිම ලෙස හෝ පවතින වගුරු, ගොහොරු වැනි ජලය එකතැන රදා පවතින හෝ මද වශයෙන් ගලායන හෝ කරදිය, මිරිදිය හෝ කිවුල් ජලයෙන් යුක්ත වූ ස්ථානයි. මුහුදු ජලය නම් මීටර් 6 අඩු උසින් යත් තරංග සහිත ස්ථාන මෙම වර්ගයට ඇතුලත් වේ ( ramsar නිර්වචනය )
ප්‍රධාන තෙත් බිම් වර්ගීකරණය. 
මිරිදිය
  • අභ්‍යන්තර ජලාශ
  • ගංගා ඇළදොළ
  • මිරිදිය වගුරු
  • පිටාර තැන්
  • වල්ලු
කිවුල් දිය
  • ඩෙල්ටා
  • කඩොලාන භූමි
  • කලපු
  • මුහූදු ආශ්‍රිත තෙත් බිම්
  • කිවුල් දිය සහිත තෙත්බිම්
  • කොරල් පර
  • පිටාර තැනි.

කෘතිම.
  • ලේවාය
  • ඉදිකරන ලද ජලාශ හා වැව්.
  • කෘෂි බිම්.
  • කැනීම් වලවල් ( මැණීක් හා මිනිරන් පතල් )

තෙත් බිම් මගින් පරිසර පද්ධතීන්හි පැවැත්ම සදහා දායකත්වය.
තෙත් බිම් වල දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණය වන්නේ ජලජ ශාක ජීවීන් හා වෙනත් ජීවීන් දක්නට ලැබීමයි. මේ අනුව මෙම තෙත් බිම් මගින් පරිසර පද්ධතියක් පැවැත්මට වන දායකත්වයේ ප්‍රධානම සාධකය ලෙස දේශීය ශාක හා සත්තව විශේෂවලට නිජ බිම් වීම දැක්විය හැකිය. ශාක විශේෂ පදුරුවල සිට උස ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක ලෙස පිහිටා තිබේ. වෙරළාශ්‍රීතව, කලපු, මෝය, ආශ්‍රිතව දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ බිම් වල ලොව ඇති කඩොලාන 55 න් 23 ක්ම දැකිය හැකිය. විවිධ ජීවීන් විශේෂ සංඛ්‍යාවක් ඇති අතර මොවුන්ගේ යැපීම් හා පැවැත්ම මෙම පරිසර පද්ධති තුලින්ම සිදුවේ. ඇහැටුල්ලා, රජසියක්කාරයා, කිරි ඉබ්බා, වැනි ජීවී විශේෂ නේවාසික හා සංක්‍රමණික පක්ෂීන් විශාල සංඛ්‍යාවක ගේ වාස භුමියක් මෙම පරිසර පද්ධතීන් හි පවැත්මට දයකත්වයක් වීම ප්‍රධාන ලක්ෂණයකි. නේවාසික පක්ෂීන් අතර අළු කොකා, පෝරු දැකෑත්තා, පුංචි දියකාවා, ආදීන් ද සංක්‍රමණික පක්ෂීන් ලෙස රජසියක්කාරයා, කැස්පියන් මුහුදු ලිහිණියා ආදී පක්ෂීන්ද වැදගත් වේ. ශාක වර්ග අතර මහා කඩොල්, හීන් කඩොල්, ගිං පොල්, පුන්කන්ඩ, කිරල, මල් කඩොල් , කැරන් ආදී ශාක ද වැදගත් වේ. මෙම ශාකද පරිසර පද්ධතීන්හි පැවැත්මට කිහිපාකාරයකින් දායක වේ. සතුන්ට ආහාර මල්ගෙඩි, කොළපොතු, මෙන්ම මෙම ප්‍රදේශ අධික සුළගින් ආරක්ෂා වීමට ශාක අතුපතර ඉහළ වියනක් වර්ධනය කරගෙන ඇති අතර මෙම ශාකවල කයිරුමුල් මෙහිදී තවත් මෙහෙයක් ඉටු කරනු ලබයි. එනම් ඉහළ කලාප වලින් රැගෙන එන අවසාදිත රදවාගැනීමේ හැකියාව කරමුල් හා කයිරුමුල් වලට ඇත.
අධික වර්ෂාපතනයකට පසු අතිරික්ත ජලය රදවාගන්නා ස්ථාන ලෙසද මේවා වැදගත් වේ. ගංවතුර පාලනය වීම ද සිදුවේ. ගංගා ඇළ මාර්ග මගින් ගෙන එනු ලබන දියළු රදවා ගන්නා ස්ථාන වේ. එමෙන්ම වෙරළාශ්‍රිත ශාක මගින් සාගර තරංග ඛාදනයෙන් වෙරළ බිම් ආරක්ෂා කරනු ලැබේ. වෙරළාශ්‍රිත සාගරයේ මස්ස්‍ය සම්පත වර්ධනයට උදව් වන කලපු හා මෝ ඉවුරු ඛාදනයෙන් වළකනු ලබයි. වරින්වර ලබන ජලයෙන් වටවන ප්‍රදේශවල හා නිර්වායු හා ආම්ලික පසෙහි වර්ධනය ලබයි. වරින්වර සාගර ලබන ජලයෙන් වටවන ප්‍රදේශවල හා නිර්වායු  හා  ආමිලික පසෙහි වර්ධනය වීමේ හැකියාව මේ ශාකවලට ඇත. මෙම ශාක මුල් මගින් අපිරිසිදු ජලය පෙරා පිරිසිදු කරනු ලබයි. එවගේම තෙත් බිම් ආශ්‍රිත නිරතුරුවම ජලය රැදී තබා  ගැනීම නිසා භූගත ජලය ඉහළ මට්ටමක ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතී. මේ ආකාරයම තෙත් බිම් මගින් පරිසර පද්ධතීහි පැවැත්ම සදහා දායකත්වය අති මහත්ය. මෙය රැකගැනීම ජාතික සම්පතක් ලෙස සිතන්නේ නම් තෙත් බිම් ආශ්‍රිතව වර්තමානයේ පැන  නැගී ඇති ගැටලු ඇති නොවනු ඇත. තවද විවිධ අපද්‍රව්‍ය ද පිරිසිදු කර කාබන් ද්‍රාවණය වීම ද පරිසර පද්ධතියේ පැවැත්මට මහත් දායකත්වයක් ගෙන දෙයි.

භූගෝල විද්‍යාව කෙටි සටහන්

භූගෝල විද්‍යාව කෙටි සටහන්


භූගෝල විද්‍යාව කෙටි සටහන්
උසස් පෙලට අත්වැලක්

*කර්මාන්තයක් යනු අවශ්ෂ්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන ඊට වටිනාකමක් ආරෝපණය වන පරිදි පරිබෝගිකයට උපරිම උපයෝගිතාවක් ලබා දීම  සදහා  බාන්ඩහා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියයි.

*කාර්මික විප්ලවය අරඹ වුයේ මහා බ්‍රිතාන්යයේදීය.

*G-8 (ප්‍රබලම කාර්මික රටවල් 8)
බ්‍රිතාන්‍යය,ජර්මනිය,ප්‍රන්චය,ඉතාලිය,ඇමෙරිකාව,කැනඩාව,රුසියාව,ජපානය.

*Nics-(ආසියාවේ කොටි 4 දෙනා)
දකුණු කොරියාව,සිංගප්පුරුව,තායිලන්තය,මැලේසියාව.

*කර්මාන්ත ස්ථාන ගත වීමට බලපාන සාදක
අමුද්‍රව්‍ය,ශ්‍රමය,ප්‍රග්දනය,ව්‍යවසායකත්වය,වෙළදපොල,බලශක්තිය

*සංරචක රාශියකගේ එකතුවක් පද්දතියකි.

*වායු ගෝලය,ජල ගෝලය,ශිලා ගෝලය හා ජිව ගෝලය අතර පවත්නා අන්තර් සම්බන්දතාව භෞම පද්දතියයි.

*මෝටර් රථ කර්මාන්තයේ වර්දනයට බලප ඇති සාධක
රාජ්‍ය අනුග්‍රහය,ශ්‍රම සැපයුම,පෞද්ගලික ආයෝජනය,තාක්ෂනය.

*ගුවන් යන කර්මාන්තය ස්ථාන ගත වීමට බලප ඇති කරුණු
පැහැදිලි සුර්යලෝකයක් තිබෙන ප්‍රදේශයක් තොර ගැනීම
විශාල තැනිතලා බිම් යොදා ගැනීම
ටයිටේනියම් ලෝහය ලබා ගැනීමට පහසු ප්‍රදේශයක් වීම

*නැවු කර්මාන්තයේ ප්‍රවණතා
බහු කාර්ය ගුවන් යන නිපදවීම-සිවිල් හා මිලිටර් කටයුතු වලට
නවීන පන්නයේ ගුවන් යන නිපදවීම-සුපර් සොනික් යනා
සංවර්දනය වෙමින් පවතින රටවල් දායක වීම-දකුණු කොරියාව,ඉන්දියාව,චීනය.

*නැවු කර්මාන්තයේ ප්‍රවණතා
විශේෂ වූ කාර්යන් සදහා නිපදවීම-යුද නැවු,මගී නැවු,තෙල් නැවු.
වරය කටයුතු පුළුල් වීම හා නවීකරණය වීම
කර්මාන්තයට සීමිත රටවල් ගණනක් පමණක් අලුතින් එකතු වීම
*අන්තර් අබිජනනයෙන් සරු ජනිතයන් බිහි කල හැකි විශේෂ ජීවින් සමුහයක් විශේෂයක් වේ.
*යාල වනෝද්‍යානය පිහිට ඇත්තේ අම්පාර,හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වලය.
*කිසියම් ප්‍රදේශයක කිසියම් කල සීමාවක් තුල ජිවත් වන්නා වුද පරිසර සාදක සමග අන්තර් ක්‍රියා දක්වන්න වුද කිසියම් ජීවි වීශේශයක් ගහනයක් වේ.

*ජීව විශේෂ අතර පැහැදිලි ජිව විද්‍යාත්මක සම්බන්දත පවතින්න වූ ගහන සියල්ලගේම එකතුව ප්‍රජාවයි.

*යම්කිසි ප්‍රදේශයක සිටින සියලුම ජිවින්ද ඔවුන් සමග අන්තර් ක්‍රියා දක්වන එම ප්‍රදේශයේ අජීවී පරිසරයද ඇතුලත් ක්‍රියාකාරී ඒකකය පරිසර පද්දතියැයි.

*පරිසර පද්දතියක් තුල ජිවත්වන යම් ජීවි විශේෂයක කාර්ය භාරය පරිසර නිකේතනයයි.

*අහර දාමයක් යනු පරිසර පද්දතියක ප්‍රථමික නිෂ්පාදන මට්ටමේ සිට ජීවින් ශ්‍රේණියක් ඔස්සේ ශක්තිය ගලායාම පෙන්වන පෝෂණ සම්බන්දත අනුපිළිවෙළයි.

*ආහාර දාම කොටස් 2 කි.
උල කන ආහාර දාම
නික්ශ්‍රේප ආහාර දාම

*එකම විශේෂයකට අයත් ජීවින් සමුහයක් ගනයකි.

*ප්‍රශාන යනු කනිජ වර්ගයන්ගේ එකතුවකි.

*ආග්නේය පාෂාණ ජීර්ණය වීමෙන් ලාවා කළු පස නිර්මාණය වේ.උදාහරණ - ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය

* ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය කපු වගාවටද ප්‍රසිද්දය.

*පැන්ජියාව ජර්මන් ජාතික ඇල්ෆඩ් වෙග්නර් විසින් 1912 දී සොයා ගත්හ.

*ආචාර්ය කුලරත්නම් ශ්‍රී ලංකාව භූ විෂමතා කලාප 5 කට වෙන් කළේය.

*පස නිර්මාණය වීමට බලපාන සාධක
මවු පාෂාණයේ ස්වබාවය
දේශගුණය
භූ විෂමතාව
කාලය
මානව ක්‍රියාකාරකම්
ස්වබාවික වුක්ෂලතා

*පසේ හැඩය අනුව ප්‍රභේද 5 කි.
කැටිති ආකාරය
තැටි ආකාරය
ප්රිස්මකර ආකාරය
කුට්ටි ආකාරය
ස්ථම්භාකාර ආකාරය

*0.002mm-මැටි
0.002-0.006 mm සිල්ට්
0.06-2 mm වැලි

*පැලැටි වලට අවශ්ෂ ආහාර කොටස් 2 කි
ක්ෂුද්‍ර මුල ද්‍රව්‍ය -යකඩ ,තබ,බෝරෝන්
මහේක්ෂ මුල ද්‍රව්‍ය - N,P,K,Ca

*Ph අගය
6.5 ට වැඩි නම් අම්ලිකයි
7.3 ට වැඩිනම් භාශ්මිකයි
6.5-7.2 අතරනම් උදසිනයි

*මහ ඔය උළු කර්මාන්තය සදහා ප්‍රසිද්ධය
ගල් ඔය ගඩොල් කර්මාන්තය සදහා ප්‍රසිද්ධය
දදුරු  ඔය මැටි කර්මාන්තය සදහා ප්‍රසිද්ධය
සුපිරියර් විල යපස් නිදි සදහා ප්‍රසිද්ධය



    ........නලින්  සේනානායක............

WonderFox - Thanksgiving giveaway campaign - රු.120,000ක් පමණ වටිනා මෘදුකාංග 13ක් නොමිලේ.

රු.120,000ක් පමණ වටිනා මෘදුකාංග 13ක් නොමිලේ.


හැමදාම වටින කියන මෘදුකාංග අලුත් වෙබ් අඩවියෙන් ඔයාලගේ පරිගණක සදහා අපෙන් ලබාගන්න පුළුවන්. අන්තර්ජාතික වශයෙන්


මෘදුකා‍ංග නිපදවන වොන්ඩර්ෆොක්ස් (Wonderfox) අපත් සමග එකතු වී මෙම වටිනා මෘදුකා‍ංග 13ක් නොමිලේ ලබාදීමට විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ යටතේ ඔබට කලින් මුදලට ලබාදුන් අලුත්ම මෘදුකාංග කිසිදු ගෙවීමක් නොමැතිව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. බලන්න පහතින් මොනවද මේ නොමිලේ ලබාදෙන මෘදුකාංග කියලා.
  1. WonderFox HD Video Converter Factory Pro - වීඩියෝ කන්වර්ට් කරන්න පුළුවන් මෘදුකාංගයකි. වීඩියෝ Format වර්ග 300කට වඩා ඇතුලත් වෙනවා.
  2. Watermark Software - පින්තූර වලට තමන්ගේ ලෝගෝ එක සහිත දිය සලකුණු යෙදීමට හැකි මෘදුකාංගයකි.


  3. WiseCare 365 Pro - පරිගණකයේ ඇති අනවශ්‍ය Registry සහ Junk ෆයිල් ඉවත් කිරීමට හැකි මෘදුකාංගයකි. එමගින් පරිගණකයේ මෘදුකාංග කාර්යක්ෂම වෙන අතර පරිගණකය වේගවත් වෙයි.

  4. Seed4.Me VPN - නිර්නාමිකව වෙබ් අඩවි වලට පිවිසිය හැකි මෘදුකාංගයකි. හැකින් වැඩ කරන අයට, අපේ රටේ බ්ලොක් වෙලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන්න, වෙනත් රටකින් පිවිසෙන මෙන් පෙන්වීමට යොදාගතහැකි මෘදුකාංගකි.


  5. WinToFlash Professional - Bootable USB සැදීමට යොදාගත හැක.

  6. RightNote Standard - ලියකියවිලි නිර්මාණය කිරීමට මෙවලමකි. කටහඩ මගින් ලිවීම් කටයුතු ස්වය‍ංක්‍රීයව සිදුකරන්නත් පුළුවන්. පරිගණකයේ Notepad එකට වඩා Advance වැඩ ගොඩක් මේ මගින් කරන්න පුළුවන්.


  7. ONLYOFFICE Cloud Office -  ඔෆිස් ෆයිල්, ඔන්ලයින් එඩිටින් වැඩ කිරීමට පුළුවන් මෘදුකාංගයකි.

  8. Epubor Ultimate - ඔන්ලයින් පොත් පත් පරිශීලනය කරන්න පුළුවන්. අන්තර්ජාලය හිමි ඕනෑම පරිගණකයක් සමග සම්බන්ධවී ඕනෑ වෙලාවක පොත් බලන්න පුළුවන්.


  9. Folder Marker Home - ෆෝල්වර් වල අයිකන් වෙනස් කිරීමට, වර්ණ ගැන්වීමට හැකි මෙවලමකි.

  10. Clipà.Vu - මේක නිතර අන්තර්ජාලය සමග ඉන්න අයට වටිනා මෘදුකාංගයක්. අපිට ක්ෂණිකව අදාල වෙබ් අඩවි වලට පිවිසෙන්න කීබෝඩ් ශෝට්කට් හදාගන්න පුළුවන්.


  11. Preloaders - මෙය අන්තර්ජාලය මත ගොඩ නැගුණු මෙවලමකි. මේ මගින් වෙබ් ඩිවලොප් කරන අයට Animation Image වැඩ කටයුතු සිදුකරගන්න පුළුවන්.
  12. Animiz Professional - සියළුම ඇනිමේශන් වැඩ මේ මෙවලමෙන් කරගන්න පුළුවන්.


  13. DoYourData Uninstaller Pro - ඉන්ස්ටෝල් කරලා තිබෙන මෘදුකාංග අයින් කරන විටදී පරිගණකයේ එම මෘදුකාංගයේ කිසිදු ෆයිල් එකක් තබා නොගෙන සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න පුළුවන් මෙවලමකි. වින්ඩෝස්හි අයින් කරන්න බැරි මෘදුකාංග මේ හරහා ලේසියෙන්ම අයින් කරන්න පුළුවන්.

මේ අතුරින් ඔබට අවශ්‍ය මෘදුකාංග නොමිලේම බාගන්න පිවිසෙන්න මෙතනින් giveaway campaign පිටුව වෙත