Monday, November 27, 2017

ග්ලැසියර් ක්‍රියාවලිය


අධික බරින් හා පීඩනයෙන් යුත් ග්ලැසියර් තල භූ තලය මත ගැලීමේ දී එහි උෂ්ණත්වය ඉහළ ගොස් දියවීම ඇරඹී ගුරුත්ව බලය නිසා ගැලීම සිදුවේ. බොහෝ විට මෙම ගැලීම පියවි ඇසට නොපෙනෙන තරම් හිමින් සිදුවේ.
සමහර විට දිනකට සෙන්ටිමීටර් කිපයක් පමණ ගැලීම සිදුවේ. නමුත් ගිම්හාන සෘතුවේ දී ගැලීම වේගවත් වේ.
මෙසේ ගැලීම නිසා ග්ලැසියර් ක්‍රියවලිය ඇරඹේ. අනෙකුත් ඛාදන කාරකයන් වලදි මෙන් ග්ලැසියර් ක්‍රියාවලිය ආකාර 3 කි.
ඛාදන ක්‍රියවලිය
2 පරිවාහන ක්‍රියාවලිය
3 නිධි සාදන ක්‍රියාවලිය
ග්ලැසියර් කරණය ආශ්‍රිත ඛාදන ක්‍රියාවලි ආකාර 3 කි.
1 උත්පාටනය
2 පිරිසැරිම
3 උල්ලෙඛය
උත්පාටනය
ග්‍රීස්ම සෘතුවේ දී කදු මුදුන්වල කුඩා ආවාට හෝ ගල් පර්වත අතර කුස්තුර තුළට ඇතුල්වන ජලය ශ්‍රීත සෘතුවේ දී මිදෙන විට එහි පරිමාව 10 % කින් පමණ ඉහළ යාම නිසා පීඩන
ය වැඩි වි එම පාෂාණ වල පතුරු ගැලවි පුපුරායාම තුළින් සිදුවන ඛාදනයයි. උදාහරණ ලෙස කදුකර ප්‍රදේශ වල ඇති සර්ක හෙවත් කොරි නිර්මාණය වන්නේ ද මෙම උත්පාටන ක්‍රියාවලිය හේතුවෙනි.
පිරිසැරිම
පිරිසැරිම යනු ග්ලැසියර් කුට්ටි ගමන් කරන විට නිම්න වල ඇති පාෂාණ ඛාදනය වී යෑමයි. පිරිසැරිම නිසා ග්ලැසියර් තලයේ පහළටම නිම්න පත්ල ඛාදන විමෙන් U හැඩ නොගැඹුරු නිම්න නිර්මාණය වේ.
උල්ලේඛය
උල්ලේඛය යනු තද පාෂාණ සහිත ප්‍රදේශයක් ඔස්සේ ග්ලැසියර් ගමන් කල විට ඒවා ඛාදනය නොවී සිරි ඔප මට්ටම් විමයි. බොහෝ විට ග්ලැසියර් ගමන් කරන නිම්නයේ පත්ල ඔප මටිටම්ව ඇත්තේ මෙම උල්ලේඛ ක්‍රියාව නිසාය.
ග්ලැසියර් සානු නිර්මාණය වන්නේ මෙසේ සිදුවන උල්ලේඛය හේතුවෙනි.
ග්ලැසියර් වර්ග
 ව්‍යාප්තිය අනුව ග්ලැසියර් වර්ග 2 කි.
1 කදු ග්ලැසියර් හෙවත් නිම්න ග්ලැසියර්
2 මහද්වීපික ග්ලැසියර් හෙවත් මහතලා ග්ලැසියර්
කදු ග්ලැසියර් හෙවත් නිම්න ග්ලැසියර්
හිමාලය / රොකී / අන්දිස් / ඇට්ලස් / පිරිනිස් / කිලිමන් ජාරො ඇල්පස් , ආදි කදුකර ප්‍රදේශ වල 6000 m ට වඩා උස ප්‍රදේශ වල ඇති ග්ලැසියර් කදු ග්ලැසියර් නම් වේ. මෙවා කදුකර නිම්න තල තැම්පත්ව ඇති නිසා නිම්න ග්ලැසියර් ලෙස හදුන්වයි.
නිම්න ග්ලැසියර් ක්‍රියාවලිය ආශ්‍රිත භූ රූප
අපේ අධ්‍යාපනයේ පහසුව සදහා නිම්න ග්ලැසියර් ආශ්‍රිත භූ රූප වර්ග 3 කට බෙදේ.
1 නිම්න වලට ඉහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප (කදු මුදුන් )
2 නිම්න වල පහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප 3 නිම්න ග්ලැසියර් ආශ්‍රිත නිධි සාධිත භූ රූප.
නිම්න වලට ඉහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප
සර්ක - කොරි - කොම් - ද්‍රෝණි.
ගිරි විල - ටාන් විල්
අරේට
පිරමීඩ ආකාර කූට
හෝන් තුඩු / ගිවර.
සර්ක
උත්පාටනය නිසා කොරි නිර්මාණය එනම් ග්‍රීස්ම සෘතුවේ කුඩා ආවට වලට පිරෙන ජලය ශ්‍රීත සෘතුවේ දී ඝනිභවනය විමෙන් එහි පීඩනය වැඩිවි පාෂාණ කැබලි ගැලවි යාම හෙවත් උත්පාට ක්‍රියාවලිය නිසා නිර්මාණය වන පළල් ගැඹුරු ආවාට කොරි නම් වේ.
සමහර විටක කදු මුදුන වටා කොරි වළල්ලක් ලෙස මෙය පිහිටයි.
මෙය හාන්සි පුටුවක හැඩය ගනි.
ගිරි විල
ග්‍රීස්ම සෘතුවේ දි කොරිය ජලයෙන් පිරීගිය විට එය කදු මුදුනේ පිහිටි විලක් මෙන් පිහිටයි.
එය ගිරි විල නම් වේ. උදාහරණ ලෙස ලෝකයේ උසම විල ටිටිකකා විල ( අන්දීස් විල )
අරේට
කොරි දෙකක් අතර තියුණුව පිහිටි නෙරුව අරේට වේ. දළ බෑවුම් සහිතය.
  

No comments:

Post a Comment