Tuesday, November 28, 2017

ප්‍රායෝගික භූගෝල විද්‍යාව (සිද්ධාන්ත)

දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම, අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා භූගෝල විද්‍යාවේ ක‍්‍රම ශිල්ප භාවිතය

 භූගෝල විද්‍යාත්මක දෘෂ්ටියකින් පෘථිවියේ භෞතික හා මානව ලක්ෂණ අධ්‍යයනය කිරීමේදී කාලය හා අවකාශය ඉතා වැදගත් මිණුම් දණ්ඩක් වෙයි.

 පිටර් ජේ. ටේලර් (2003* දක්වන ආකාරයට විශ්වය තුළ කාලය හා අවකාශය මූලික භෞතික මිම්මකි. කාලය භාවිත කරන්නේ වෙනස්කම් මැනීමට වේ. සමාජ වෙනස්වීම් ද එයට ඇතුළත් වෙයි.

 භූගෝල විද්‍යාව තුළ අවකාශීය සංකල්පය වැදගත් වේ. මිනිසා හා පරිසරය අතර සම්බන්ධය හැදෑරීමේදී ඒ ඒ විචල්‍යවල අවකාශීය රටාව හඳුනාගැනීම වැදගත් වෙයි.

 ඒ අනුව එකිනෙක ප‍්‍රපංච අතර කාණ්ඩවල අවකාශීය රටා හඳුනාගැනීම භූගෝල විද්‍යාඥයාගේ කාර්යය වෙයි. කාලය හා අවකාශය පදනම් කරගෙන භූ දර්ශනයෙහි භෞතික හා මානව ප‍්‍රපංච දෘෂ්‍ය ලෙස ඉදිරිපත් කිරීම ප‍්‍රායෝගික භූගෝල විද්‍යාව තුළ කැපී පෙනෙයි.

 ප‍්‍රායෝගික භූගෝල විද්‍යාව කොටසට අදාළව සිතියම් විද්‍යාත්මක ක‍්‍රම ශිල්ප මගින් කාලය හා අවකාශීය ව්‍යාප්ති ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරයි.

 තේමා සිතියම් ඇසුරින් කාලය හා අවකාශීය ව්‍යාප්ති මූලික වශයෙන් නිරූපණය කරයි. භෞතික තොරතුරු නිරූපණය සඳහා භූ විද්‍යා සිතියම්, භූ ලක්ෂණ සිතියම්, දේශගුණ සිතියම්, පාංශු සිතියම්, ස්වාභාවික වෘක්ෂලතා සිතියම්, ජල විද්‍යාත්මක සිතියම් භාවිත කරයි.

 මානුෂ කි‍්‍රයාකාරකම් දැක්වීම සඳහා දේශපාලන බෙදීම්, කලාප සිතියම්, පළාත් සිතියම්, දිස්ති‍්‍රක් සිතියම්, භූමි පරිභෝග සිතියම්, ජනගහන සිතියම්, ඓතිහාසික සිතියම්, චන්දි‍්‍රකා සිතියම් කාලය හා අවකාශීය ව්‍යාප්ති දැක්වීමට යොදාගෙන ඇත.

 අතීතයේදී පෘථිවියේ ඇති ති‍්‍රමාණික ලක්ෂණ ද්වීමානික පැතලි තලයකට ගෙන කාලය හා අවකාශය අනුව තොරතුරු නිරූපණය කරන ලදී. වර්තමානයේ චන්දි‍්‍රකා තාක්ෂණය මගින් පෘථිවියේ ඇති මානව භූ දර්ශනයෙහි අවකාශීය ව්‍යාප්ති ති‍්‍රමාණිකව නිරූපණයට හැකියාව ලැබී ඇත. බහුවිධ කාර්යයන් සඳහා මෙම ති‍්‍රමාණික සිතියම් භාවිත කරයි. පෙර පැවති සිතියම්වල අක්ෂාංශ, දේශාංශ සිතියම් මගින් යම් ස්ථාන හඳුනාගැනීමට හැකිවිය. එහෙත් වර්තමානයේ ඨකදඉකැ ඡුදිසඑසදබ ීහිඑැප :ඨඡුී* උපකරණය මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක නිරපේක්ෂ පිහිටීම එම මොහොත තුළම හඳුනාගත හැකිය. ප‍්‍රායෝගික භූගෝල විද්‍යාවට අදාළව කාලීන හා අවකාශීය දත්ත විවිධ මූලාශ‍්‍ර ඔස්සේ රැුස්කර විවිධ ක‍්‍රම ඔස්සේ නිරූපණය කරයි. එනම්,
  • සංඛ්‍යාන විද්‍යාත්මක ක‍්‍රම
  • සිතියම් හා ප‍්‍රස්තාර
  •  ආකෘති හා ධාරා සටහන්
 ති‍්‍රමාණික හැඩයකින් යුක්ත භූමියේ මතුපිට ඇති විවිධ ලක්ෂණ ද්වීමාණික හැඩයකින් යුක්තව පරිමාණුකූලව පැතලි තලයක නිරූපණය කෙරෙන රූප සටහන සිතියමක් ලෙසින් හැඳින්විය හැකිය. විවිධ වර්ගයේ සිතියම් තිබෙයි. එනම්,
විවිධ වර්ගයේ සිතියම්
තේමා සිතියම්
විවිධ තොරතුරු නිරූපණය කිරීම සඳහා මෙම සිතියම් යොදාගත හැකිය. සිතියම් ඒවායේ අන්තර්ගත තොරතුරු අනුව විවිධ තේමා යටතේ නිර්මාණය කර ඇත.
භෞතික තොරතුරු දැක්වෙන තේමා සිතියම්
x භූ විද්‍යා සිතියම්
x භූ විෂමතා සිතියම්
x දේශගුණ සිතියම්
x පාංශූ සිතියම්
x ස්වාභාවික වෘක්ෂලතා සිතියම්
x ජල විද්‍යාත්මක සිතියම්
පරිපාලන සිතියම්
x දේශපාලන බෙදීම් දැක්වෙන සිතියම්
x කළාප සිතියම්
x පළාත් සිතියම්
x දිස්ති‍්‍රක් සිතියම්
භූමි පරිභෝග සිතියම්
x වගා
x ජනාවාස
ජනගහන සිතියම්
x ජන ව්‍යාප්තිය දැක්වෙන සිතියම්
x ජන ඝනත්වය දැක්වෙන සිතියම්
ඓතිහාසික සිතියම්
x අධිරාජ්‍ය ව්‍යාප්තිය
x මානව වර්ග ව්‍යාප්තිය
x දේශ ගවේෂණ ගමන් මාර්ග සිතියම්
x පැරණි නගරවල පිහිටීම දැක්වෙන සිතියම්
චන්දි‍්‍රකා සිතියම්
x ගුවන් ජායාරූප
භූ ලක්ෂණාත්මක සිතියම්
 භූ ලක්ෂණාත්මක සිතියමක් යනු භූමියේ ඇති භූ විෂමතා ලක්ෂණ, ජලවහන ලක්ෂණ හා විවිධ සංස්කෘතික ලක්ෂණ පෙන්නුම්කරන සිතියම් වෙයි.

 දිශාව, පරිමාණය, පිහිටීම යන සිතියම් මූලිකාංග යොදාගනිමින් තේමා කිහිපයක් එකට එකතු කර භූමියේ ස්වරූපය වඩාත් හොඳින් නිරූපණය කිරීම සඳහා නිර්මාණය කරන ලද සිතියම් භූ ලක්ෂණාත්මක සිතියම් හෙවත් භූ ලක්ෂණ සිතියම් යනුවෙන් හැඳින්වෙයි.

 ශී‍්‍ර ලංකාවේ භූ ලක්ෂණ සිතියම අතීතයේදී අගලේ සිතියම යනුවෙන් ද වර්තමානයේ එය මෙටි‍්‍රක් සිතිියම යනුවෙන්ද හඳුන්වයි.

 1:63360 අගලේ සිතියම අදින ලද්දේ බි‍්‍රතාන්‍ය මැනුම් ඒකක වන අගල්, අඩි, දම්වැල්, පරලොම් හා සැතපුම් උපයෝගී කරගෙනය. ලොව පිළිගත් ජාත්‍යන්තර මිනුම් ඒකකයක් ලෙස මෙටි‍්‍රක් ක‍්‍රමය සිතියම් සඳහා භාවිත කළ යුතුයැයි ශී‍්‍ර ලංකා රජය පිළිගත් පසුව 1980 දශකයේ සිට මෙටි‍්‍රක් සිතියම් භාවිතයට පැමිනුනි.

භූ ලක්ෂණ සිතියම්වලින් ඇති ප‍්‍රයෝජන
  • භූමියේ යම් ස්ථානයක නිරපේක්ෂ හා සාපේක්ෂ පිහිටීම හඳුනාගත හැකිය
  • භූ විෂමතා ලක්ෂණ වෙන්කොට හඳුනාගැනීම හා භූ ලක්ෂණ අතර ඇති සම්බන්ධතාව අවබෝධ කරගත හැකි වීම.
  • භෞතික ලක්ෂණ හා මානව කි‍්‍රයාකාරකම් අතර සම්බන්ධතාවය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවීම
  • ප‍්‍රදේශයක පවතින ජලවහන රටා හා භූ විෂමතාවය අතර ඇති සම්බන්ධය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට.
  • සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකිවීම
  • සමස්ත පරිසරය තේරුම්ගත හැකිවීම
 පරිපාලන මායිම් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකිවීම

No comments:

Post a Comment