Monday, November 27, 2017

භූගෝල විද්‍යාව කෙටි සටහන්

භූගෝල විද්‍යාව කෙටි සටහන්


භූගෝල විද්‍යාව කෙටි සටහන්
උසස් පෙලට අත්වැලක්

*කර්මාන්තයක් යනු අවශ්ෂ්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන ඊට වටිනාකමක් ආරෝපණය වන පරිදි පරිබෝගිකයට උපරිම උපයෝගිතාවක් ලබා දීම  සදහා  බාන්ඩහා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියයි.

*කාර්මික විප්ලවය අරඹ වුයේ මහා බ්‍රිතාන්යයේදීය.

*G-8 (ප්‍රබලම කාර්මික රටවල් 8)
බ්‍රිතාන්‍යය,ජර්මනිය,ප්‍රන්චය,ඉතාලිය,ඇමෙරිකාව,කැනඩාව,රුසියාව,ජපානය.

*Nics-(ආසියාවේ කොටි 4 දෙනා)
දකුණු කොරියාව,සිංගප්පුරුව,තායිලන්තය,මැලේසියාව.

*කර්මාන්ත ස්ථාන ගත වීමට බලපාන සාදක
අමුද්‍රව්‍ය,ශ්‍රමය,ප්‍රග්දනය,ව්‍යවසායකත්වය,වෙළදපොල,බලශක්තිය

*සංරචක රාශියකගේ එකතුවක් පද්දතියකි.

*වායු ගෝලය,ජල ගෝලය,ශිලා ගෝලය හා ජිව ගෝලය අතර පවත්නා අන්තර් සම්බන්දතාව භෞම පද්දතියයි.

*මෝටර් රථ කර්මාන්තයේ වර්දනයට බලප ඇති සාධක
රාජ්‍ය අනුග්‍රහය,ශ්‍රම සැපයුම,පෞද්ගලික ආයෝජනය,තාක්ෂනය.

*ගුවන් යන කර්මාන්තය ස්ථාන ගත වීමට බලප ඇති කරුණු
පැහැදිලි සුර්යලෝකයක් තිබෙන ප්‍රදේශයක් තොර ගැනීම
විශාල තැනිතලා බිම් යොදා ගැනීම
ටයිටේනියම් ලෝහය ලබා ගැනීමට පහසු ප්‍රදේශයක් වීම

*නැවු කර්මාන්තයේ ප්‍රවණතා
බහු කාර්ය ගුවන් යන නිපදවීම-සිවිල් හා මිලිටර් කටයුතු වලට
නවීන පන්නයේ ගුවන් යන නිපදවීම-සුපර් සොනික් යනා
සංවර්දනය වෙමින් පවතින රටවල් දායක වීම-දකුණු කොරියාව,ඉන්දියාව,චීනය.

*නැවු කර්මාන්තයේ ප්‍රවණතා
විශේෂ වූ කාර්යන් සදහා නිපදවීම-යුද නැවු,මගී නැවු,තෙල් නැවු.
වරය කටයුතු පුළුල් වීම හා නවීකරණය වීම
කර්මාන්තයට සීමිත රටවල් ගණනක් පමණක් අලුතින් එකතු වීම
*අන්තර් අබිජනනයෙන් සරු ජනිතයන් බිහි කල හැකි විශේෂ ජීවින් සමුහයක් විශේෂයක් වේ.
*යාල වනෝද්‍යානය පිහිට ඇත්තේ අම්පාර,හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක වලය.
*කිසියම් ප්‍රදේශයක කිසියම් කල සීමාවක් තුල ජිවත් වන්නා වුද පරිසර සාදක සමග අන්තර් ක්‍රියා දක්වන්න වුද කිසියම් ජීවි වීශේශයක් ගහනයක් වේ.

*ජීව විශේෂ අතර පැහැදිලි ජිව විද්‍යාත්මක සම්බන්දත පවතින්න වූ ගහන සියල්ලගේම එකතුව ප්‍රජාවයි.

*යම්කිසි ප්‍රදේශයක සිටින සියලුම ජිවින්ද ඔවුන් සමග අන්තර් ක්‍රියා දක්වන එම ප්‍රදේශයේ අජීවී පරිසරයද ඇතුලත් ක්‍රියාකාරී ඒකකය පරිසර පද්දතියැයි.

*පරිසර පද්දතියක් තුල ජිවත්වන යම් ජීවි විශේෂයක කාර්ය භාරය පරිසර නිකේතනයයි.

*අහර දාමයක් යනු පරිසර පද්දතියක ප්‍රථමික නිෂ්පාදන මට්ටමේ සිට ජීවින් ශ්‍රේණියක් ඔස්සේ ශක්තිය ගලායාම පෙන්වන පෝෂණ සම්බන්දත අනුපිළිවෙළයි.

*ආහාර දාම කොටස් 2 කි.
උල කන ආහාර දාම
නික්ශ්‍රේප ආහාර දාම

*එකම විශේෂයකට අයත් ජීවින් සමුහයක් ගනයකි.

*ප්‍රශාන යනු කනිජ වර්ගයන්ගේ එකතුවකි.

*ආග්නේය පාෂාණ ජීර්ණය වීමෙන් ලාවා කළු පස නිර්මාණය වේ.උදාහරණ - ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය

* ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය කපු වගාවටද ප්‍රසිද්දය.

*පැන්ජියාව ජර්මන් ජාතික ඇල්ෆඩ් වෙග්නර් විසින් 1912 දී සොයා ගත්හ.

*ආචාර්ය කුලරත්නම් ශ්‍රී ලංකාව භූ විෂමතා කලාප 5 කට වෙන් කළේය.

*පස නිර්මාණය වීමට බලපාන සාධක
මවු පාෂාණයේ ස්වබාවය
දේශගුණය
භූ විෂමතාව
කාලය
මානව ක්‍රියාකාරකම්
ස්වබාවික වුක්ෂලතා

*පසේ හැඩය අනුව ප්‍රභේද 5 කි.
කැටිති ආකාරය
තැටි ආකාරය
ප්රිස්මකර ආකාරය
කුට්ටි ආකාරය
ස්ථම්භාකාර ආකාරය

*0.002mm-මැටි
0.002-0.006 mm සිල්ට්
0.06-2 mm වැලි

*පැලැටි වලට අවශ්ෂ ආහාර කොටස් 2 කි
ක්ෂුද්‍ර මුල ද්‍රව්‍ය -යකඩ ,තබ,බෝරෝන්
මහේක්ෂ මුල ද්‍රව්‍ය - N,P,K,Ca

*Ph අගය
6.5 ට වැඩි නම් අම්ලිකයි
7.3 ට වැඩිනම් භාශ්මිකයි
6.5-7.2 අතරනම් උදසිනයි

*මහ ඔය උළු කර්මාන්තය සදහා ප්‍රසිද්ධය
ගල් ඔය ගඩොල් කර්මාන්තය සදහා ප්‍රසිද්ධය
දදුරු  ඔය මැටි කර්මාන්තය සදහා ප්‍රසිද්ධය
සුපිරියර් විල යපස් නිදි සදහා ප්‍රසිද්ධය



    ........නලින්  සේනානායක............

No comments:

Post a Comment