Wednesday, November 29, 2017

මෝටර් රථ කර්මාන්තය



ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින කර්මාන්කයකි. මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වාහන නිෂ්පාදනය කිරීම යටතේ සිදු වේ.
එමෙන් ම මෝටර් රථ කර්මාන්තය වර්තමානයේ දී එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ.
කිසියම් නිෂ්පාදනයකට අවශ්‍ය විවිධ කොටස් විශේෂ ප්‍රාගුණ්‍යය යටතේ විවිධ ස්ථානවල හෝ රටවල් වල නිපදවා එම කොටස් එක් ස්ථානයකට රැස් කොට භාණ්ඩය සැකසීම එකලස් කිරීමේ කර්මාන්තයක් මගින් සිදුවේ.
ශ්‍රම විභජනය විශේෂ ප්‍රාගුණ්‍යය හා තාක්ෂණයේ දියුණුව මෙහි මූලික පදනම වේ.
විවිධ අවශ්‍යතා සදහා නිෂ්පාදනය කරනු ලබන මොටර් රථ වර්ග කිපයක් මෙසේ දැක්විය හැක.
  • මෝර් රථ ( කාර්)
  • වෑන් රථ
  • බස් රථ
  • ලොරි රථ
  • ටිපර් රථ
  • ට්‍රක් රථ
  • බවුසර් රථ
ප්‍රවාහනය කරන දෑ අනුව වාහනවල හැඩය විශාලත්වයට ඔරොත්තු දීමේ ශක්තිය හා අභ්‍යන්තර ව්‍යුහය එකිනෙකට වෙනස් වේ.
අතීතයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය ප්‍රමඛ වූයේ සංවර්ධිත රටවල් ( developed counries) ය. විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සිදුවීම ප්‍රධාන වශයෙන් එයට හේතු විය.
වර්තමානයේ රටවල් රාශියක මොටර් රථ නිෂ්පාදනය සිදු කෙරේ.පාරිභෝගික රුචිය හා උපයෝගීතාව අනුව නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ වල මාදිලිය කලින් කලට වෙනස් වෙමින් පවති.
ක්‍රි.ව. 1950 සිට 2012 දක්වා තෝරාගත් වර්ෂ කීපයක මෝටර් රථ නිෂ්පාදන ප්‍රමාණය විශාලය.
  • මෝටර් රථ කර්මාන්තය ගැන අධ්‍යනය කිරිමේ දී පහත කරුණු හෙළි වේ.
  • මුල් කාලයේ දී මෝටර් රථ නිෂ්පාදනය සදහා චීනයේ දායකත්වය අඩු වුව ද 2012 වන විට ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂපාදකයා බවට පත් වීම
  • ඇමරිකා එකසත් ජනපදය 1950 දී මෝටර් රථ නිෂ්පාදනය් ප්‍රමුඛතම රටක් වූ අතර 2012 වන විට එම ප්‍රමුඛත්වය වෙනසක් සිදු විය.
  • 1995-2000 දක්වා කාලය තුළ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක් වූ ප්‍රංශය 2010 න් පසුව මුල් දස දෙනාගෙන් ගිලිහි යාම.
  • 2012 වන විට චීනය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව හා තායිවානය වැනි ආසියානු රටවල් මෝටර් රථ නිෂ්පාදනයේ ශීඝ්‍ර දියුණුවක් දක්නට ලැබේ.
ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ සංඛ්‍යාව පිළිබද ව සැලකීමේ දී චීනය, ජපානය, ඇමරිකා එස්සත් ජනපදය, ඉන්දියාව වැනි රටවල මෝටර් රථ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව පැහැදිළි වේ.
වර්තමානයේ මෝටර් රථ නිෂ්පාදනය සදහා රොබෝට් යන්ත්‍ර ස්වයංක්‍රීය යන්ත්‍ර වැනි යාන්ත්‍රික ශ්‍රමය බහුල ව යොදා ගැනේ. ඊට අමතරව ව එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස ජනප්‍රිය වීම ද නූතන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවට හේතු වී ඇත.
මොටර් රථ කර්මාන්තයේ ලක්ෂණ හා ප්‍රවණතා
  • ශීඝ්‍රයෙන් වෙනස් වන කර්මාන්තයන් වීම.
  • නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම සහිත යාන්ත්‍රික ශ්‍රමය උපරිම ලෙස යොදා ගැනීම
  • එකලස් කිරීමේ කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත වීම ( තායිවානය, දකුණු කොරියාව, සිංගප්පූරුව ,ඉන්දුනීසියාව වැනි රටවල් )
  • විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීම.
  • නිෂ්පාදන අයිතිය බොහෝ විට බහු ජාතික සමාගම් සතුව පැවතීම.
  • විවිධ රටවල් ඒකාබද්ධ ව නිෂ්පාදන එළි දැක්වීම.
  • අධි සුඛෝපභෝගී රථ වාහන නිෂ්පාදනය කිරීම
  • ප්‍රවාහනය කරන ද්‍රව්‍ය අනුව සුවිශේෂී නිෂ්පාදන නිර්මාණය කිරීම
  • 2020 න් පසු ජපානය සැහැල්ලු වාහන, දෙමුහුන් ( hybrid ) ( ද්‍රව ඉන්ධන + විදුලිය )වාහන වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම.
  • ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සදහා වැඩි වශයෙන් ප්‍රමාණයෙන් කුඩා වාහන නිපදවීම ප්‍රවණතාවයක් දක්නට ලැබීම.
  • ගොඩ, මඩ , දිය පොදුවේ ධාවනය කළ හැකි නිෂ්පාදන ( වායු පායානය -hovercraft ) එළිදැක්වීම.

යකඩ හා වානේ කරමාන්තය


යකඩ හා වානේ කර්මාන්තය ඉතා පැරණි කර්මාන්තය කි. 18 වන සියවසයේ අගභාගයේ ඇති වූ කාර්මික විප්ලවය නිසා යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ඇති විය.
යපස් ගල් අගුරු හා හුණු ගල් නිධි බහුල රටවල් මුල් කාලයේ දී මෙම කර්මාන්තය ස්ථානගත වුව ද අමුද්‍රව්‍ය ආනයනය කොට ඉතා දියුණු මට්ටමකින් යකඩ හා වානේ කර්මාන්තය ‍කරගෙන යනු ලබන රටවල් ද ඇත.
රටක කාර්මික ශක්තිය තීර්ණය කරන සාධකයක් නිසාත් උපකරණ නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගන්නා නිසාත් යකඩ හා වානේ කර්මාන්තයට වැදගත් තැනක් හිමි වෙයි.
මෙහි දී මූලික ව යපස් වලින් යකඩ නිෂ්පාදනයද අමු යකඩ වෙනත් ලෝහ සමග මිශ්‍ර කර තවදුරටත් පදම් කර ගැනීමෙන් වානේ නිෂ්පාදනය ද සිදු කෙරේ.
කාර්මික විප්ලවය සිදු වූ මුල් අවධියේ ලෝකයේ නිෂ්පාදිත යන්ත්‍රෝපකරණ, විදුලිය හා ප්‍රවාහනය ක්ෂේත්‍රෙය් විවිධ නිෂ්පාදන කටයුතු සදහා භාවිත කරන ලද අමුද්‍රව්‍ය වලින් 90% ක් ම යකඩ හා වානේ වි ය.
පසුකාලීන ව ඇලුමිනියමි සොයා ගැනීමත් සමග ම යකඩ සහ වානේ සදහා පැවති ඉල්ලුම 65% පමන දක්වා අඩු විය. ලොව විවිධ වූ ආර්ථික ක්‍රියාකාරකම් හා බැදී පව තින යකඩ හා වානේ කර්මාන්තය තවත් කර්මාන්ත රැසකට පාදක කර්මාන්තයක් ලෙස ද වැදගත් වේ.
ලෝකයේ යකඩ හා වානේ නිෂ්පාදන කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබේ. 2000 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් මිලියන 70 ක් පමණ වූ ලෝක වානේ නිෂ්පාදනය 2012 වන විට මෙට්‍රික් ටොන් මිලියන 130 ක් පමණ දක්වා වැඩි වී ඇත.
ලෝකයේ යකඩ හා වානේ නිෂ්පාදිත ප්‍රදේශ සහ ඒවා අයත් වන රට වල් කිපයක් මෙසේ දැක් විය හැකි ය.
  • චීනය
  • ජපානය
  • මහා බ්‍රිතාන්‍ය ( ඇතුලු බටහිර යුරොපීය රට වල් )
  • රුසියව
  • ඇමරිකා එක්සත්ජනපද ය
  • බ්‍රසීලය
  • ඉන්දියාව
යකඩ හා වානේ කරමාන්තයේ ලක්ෂන හා ප්‍රවනතා
  • යකඩ හා වානේ වල විවිධ ගුණ ලක්ෂණ. ( කල් පැවැත්ම ,ශක්තිය, දරා සිටීමේ හැකියාව ,නම්‍යශිලී බව, කම්පනයට ඔරොත්තු දීම )
  • වෙනත් ලෝහ වලට ( ඇලුමිනියම්, තඹ) මිශ්‍ර කිරීමෙන් ගුණාත්මක බව වැඩි දියුණු කරගත හැකි වීම
  • භාවිතයෙන් ඉවත් කළ පසුව ප්‍රතිචක්‍රීකණය ( recycle ) කළ හැකි වීම. ( සුන්බුන් යකඩ හා පරණ යකඩ )
  • මූලික ලෝහ වර්ගයක් ලෙස ලොව සෑම රටක් ම විවිධ වූ නිෂ්පාදන සදහා යොදා ගැනීම.
  • අතීතයේ පැවති පාරම්පරික තාක්ෂණයෙන් ඉවත් වී නිෂ්පාදන කටයුතු නවීකරණය වීම.
  • යකඩ උණු කිරීම සදහා ගල් අගුරු වෙනුවට විකල්ප බලශක්ති ( alternative energy ) යොදා ගැනීම.නිදසුන් -යපස් උණුකිරීමට විදුලි උදුන් ( electric furnaces ) භාවිත කිරීම.
  • අතීතයේ යකඩ හා වානේ නිෂ්පාදනයට ප්‍රමුඛ වූ ඇතැම් රටවල් වෙළෙදපොළෙන් ක්‍රමයෙන් පසු බැසීම
  • නැගෙනහිර ආසියා රටවලින් යකඩ හා වානේ සදහා ඇති ඉල්ලුම ඉහළ යාම නිසා නව වෙළෙදපොළක් නිර්මාණය වීම ( චීනය ,දකුණු කොරියාව )
  • විද්‍යුත් තාක්ෂණික කර්මාන්තයේ දියුණුවත් සමග විවිධ උපයෝගිතා ඇති වීම
  • ජාත්‍යන්තර වෙළෙදාමේ දී වානේ අපනයනය කරන ඇතැම් රටවල් විසින් ම වානේ ආනයනය කිරීම.( උදාහරණ -. - චීනය හා දකුණු කොරියාව )
අතීතයේ මූලික අමුද්‍රව්‍ය වන යපස් හා ගල් අගුරු පිහිටි ප්‍රදේශවල ස්ථානගත වූ කර්මාන්තයකි.
  • අතීතයේ මූලික අමුද්‍රව්‍ය වන යපස් හා ගල් අගුරු පිහිටි ප්‍රදේශවල ස්ථානගත වූ කර්මාන්තය වර්තමානයේ දී වෙනත් සාධක එනම් ප්‍රාග්ධනය වෙළෙදපොළ මත ස්ථාන ගතවීමේ නැඹුරුවක් පැවතීම.

ශ්‍රී ලංකා 1:50000 භූ ලක්ෂණ සිතියම්





























Tuesday, November 28, 2017

ප්‍රායෝගික භූගෝල විද්‍යාව (සිද්ධාන්ත)

දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම, අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා භූගෝල විද්‍යාවේ ක‍්‍රම ශිල්ප භාවිතය

 භූගෝල විද්‍යාත්මක දෘෂ්ටියකින් පෘථිවියේ භෞතික හා මානව ලක්ෂණ අධ්‍යයනය කිරීමේදී කාලය හා අවකාශය ඉතා වැදගත් මිණුම් දණ්ඩක් වෙයි.

 පිටර් ජේ. ටේලර් (2003* දක්වන ආකාරයට විශ්වය තුළ කාලය හා අවකාශය මූලික භෞතික මිම්මකි. කාලය භාවිත කරන්නේ වෙනස්කම් මැනීමට වේ. සමාජ වෙනස්වීම් ද එයට ඇතුළත් වෙයි.

 භූගෝල විද්‍යාව තුළ අවකාශීය සංකල්පය වැදගත් වේ. මිනිසා හා පරිසරය අතර සම්බන්ධය හැදෑරීමේදී ඒ ඒ විචල්‍යවල අවකාශීය රටාව හඳුනාගැනීම වැදගත් වෙයි.

 ඒ අනුව එකිනෙක ප‍්‍රපංච අතර කාණ්ඩවල අවකාශීය රටා හඳුනාගැනීම භූගෝල විද්‍යාඥයාගේ කාර්යය වෙයි. කාලය හා අවකාශය පදනම් කරගෙන භූ දර්ශනයෙහි භෞතික හා මානව ප‍්‍රපංච දෘෂ්‍ය ලෙස ඉදිරිපත් කිරීම ප‍්‍රායෝගික භූගෝල විද්‍යාව තුළ කැපී පෙනෙයි.

 ප‍්‍රායෝගික භූගෝල විද්‍යාව කොටසට අදාළව සිතියම් විද්‍යාත්මක ක‍්‍රම ශිල්ප මගින් කාලය හා අවකාශීය ව්‍යාප්ති ප‍්‍රධාන වශයෙන් අධ්‍යයනය කරයි.

 තේමා සිතියම් ඇසුරින් කාලය හා අවකාශීය ව්‍යාප්ති මූලික වශයෙන් නිරූපණය කරයි. භෞතික තොරතුරු නිරූපණය සඳහා භූ විද්‍යා සිතියම්, භූ ලක්ෂණ සිතියම්, දේශගුණ සිතියම්, පාංශු සිතියම්, ස්වාභාවික වෘක්ෂලතා සිතියම්, ජල විද්‍යාත්මක සිතියම් භාවිත කරයි.

 මානුෂ කි‍්‍රයාකාරකම් දැක්වීම සඳහා දේශපාලන බෙදීම්, කලාප සිතියම්, පළාත් සිතියම්, දිස්ති‍්‍රක් සිතියම්, භූමි පරිභෝග සිතියම්, ජනගහන සිතියම්, ඓතිහාසික සිතියම්, චන්දි‍්‍රකා සිතියම් කාලය හා අවකාශීය ව්‍යාප්ති දැක්වීමට යොදාගෙන ඇත.

 අතීතයේදී පෘථිවියේ ඇති ති‍්‍රමාණික ලක්ෂණ ද්වීමානික පැතලි තලයකට ගෙන කාලය හා අවකාශය අනුව තොරතුරු නිරූපණය කරන ලදී. වර්තමානයේ චන්දි‍්‍රකා තාක්ෂණය මගින් පෘථිවියේ ඇති මානව භූ දර්ශනයෙහි අවකාශීය ව්‍යාප්ති ති‍්‍රමාණිකව නිරූපණයට හැකියාව ලැබී ඇත. බහුවිධ කාර්යයන් සඳහා මෙම ති‍්‍රමාණික සිතියම් භාවිත කරයි. පෙර පැවති සිතියම්වල අක්ෂාංශ, දේශාංශ සිතියම් මගින් යම් ස්ථාන හඳුනාගැනීමට හැකිවිය. එහෙත් වර්තමානයේ ඨකදඉකැ ඡුදිසඑසදබ ීහිඑැප :ඨඡුී* උපකරණය මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක නිරපේක්ෂ පිහිටීම එම මොහොත තුළම හඳුනාගත හැකිය. ප‍්‍රායෝගික භූගෝල විද්‍යාවට අදාළව කාලීන හා අවකාශීය දත්ත විවිධ මූලාශ‍්‍ර ඔස්සේ රැුස්කර විවිධ ක‍්‍රම ඔස්සේ නිරූපණය කරයි. එනම්,
  • සංඛ්‍යාන විද්‍යාත්මක ක‍්‍රම
  • සිතියම් හා ප‍්‍රස්තාර
  •  ආකෘති හා ධාරා සටහන්
 ති‍්‍රමාණික හැඩයකින් යුක්ත භූමියේ මතුපිට ඇති විවිධ ලක්ෂණ ද්වීමාණික හැඩයකින් යුක්තව පරිමාණුකූලව පැතලි තලයක නිරූපණය කෙරෙන රූප සටහන සිතියමක් ලෙසින් හැඳින්විය හැකිය. විවිධ වර්ගයේ සිතියම් තිබෙයි. එනම්,
විවිධ වර්ගයේ සිතියම්
තේමා සිතියම්
විවිධ තොරතුරු නිරූපණය කිරීම සඳහා මෙම සිතියම් යොදාගත හැකිය. සිතියම් ඒවායේ අන්තර්ගත තොරතුරු අනුව විවිධ තේමා යටතේ නිර්මාණය කර ඇත.
භෞතික තොරතුරු දැක්වෙන තේමා සිතියම්
x භූ විද්‍යා සිතියම්
x භූ විෂමතා සිතියම්
x දේශගුණ සිතියම්
x පාංශූ සිතියම්
x ස්වාභාවික වෘක්ෂලතා සිතියම්
x ජල විද්‍යාත්මක සිතියම්
පරිපාලන සිතියම්
x දේශපාලන බෙදීම් දැක්වෙන සිතියම්
x කළාප සිතියම්
x පළාත් සිතියම්
x දිස්ති‍්‍රක් සිතියම්
භූමි පරිභෝග සිතියම්
x වගා
x ජනාවාස
ජනගහන සිතියම්
x ජන ව්‍යාප්තිය දැක්වෙන සිතියම්
x ජන ඝනත්වය දැක්වෙන සිතියම්
ඓතිහාසික සිතියම්
x අධිරාජ්‍ය ව්‍යාප්තිය
x මානව වර්ග ව්‍යාප්තිය
x දේශ ගවේෂණ ගමන් මාර්ග සිතියම්
x පැරණි නගරවල පිහිටීම දැක්වෙන සිතියම්
චන්දි‍්‍රකා සිතියම්
x ගුවන් ජායාරූප
භූ ලක්ෂණාත්මක සිතියම්
 භූ ලක්ෂණාත්මක සිතියමක් යනු භූමියේ ඇති භූ විෂමතා ලක්ෂණ, ජලවහන ලක්ෂණ හා විවිධ සංස්කෘතික ලක්ෂණ පෙන්නුම්කරන සිතියම් වෙයි.

 දිශාව, පරිමාණය, පිහිටීම යන සිතියම් මූලිකාංග යොදාගනිමින් තේමා කිහිපයක් එකට එකතු කර භූමියේ ස්වරූපය වඩාත් හොඳින් නිරූපණය කිරීම සඳහා නිර්මාණය කරන ලද සිතියම් භූ ලක්ෂණාත්මක සිතියම් හෙවත් භූ ලක්ෂණ සිතියම් යනුවෙන් හැඳින්වෙයි.

 ශී‍්‍ර ලංකාවේ භූ ලක්ෂණ සිතියම අතීතයේදී අගලේ සිතියම යනුවෙන් ද වර්තමානයේ එය මෙටි‍්‍රක් සිතිියම යනුවෙන්ද හඳුන්වයි.

 1:63360 අගලේ සිතියම අදින ලද්දේ බි‍්‍රතාන්‍ය මැනුම් ඒකක වන අගල්, අඩි, දම්වැල්, පරලොම් හා සැතපුම් උපයෝගී කරගෙනය. ලොව පිළිගත් ජාත්‍යන්තර මිනුම් ඒකකයක් ලෙස මෙටි‍්‍රක් ක‍්‍රමය සිතියම් සඳහා භාවිත කළ යුතුයැයි ශී‍්‍ර ලංකා රජය පිළිගත් පසුව 1980 දශකයේ සිට මෙටි‍්‍රක් සිතියම් භාවිතයට පැමිනුනි.

භූ ලක්ෂණ සිතියම්වලින් ඇති ප‍්‍රයෝජන
  • භූමියේ යම් ස්ථානයක නිරපේක්ෂ හා සාපේක්ෂ පිහිටීම හඳුනාගත හැකිය
  • භූ විෂමතා ලක්ෂණ වෙන්කොට හඳුනාගැනීම හා භූ ලක්ෂණ අතර ඇති සම්බන්ධතාව අවබෝධ කරගත හැකි වීම.
  • භෞතික ලක්ෂණ හා මානව කි‍්‍රයාකාරකම් අතර සම්බන්ධතාවය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවීම
  • ප‍්‍රදේශයක පවතින ජලවහන රටා හා භූ විෂමතාවය අතර ඇති සම්බන්ධය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට.
  • සංවර්ධන කටයුතු සඳහා යොදාගත හැකිවීම
  • සමස්ත පරිසරය තේරුම්ගත හැකිවීම
 පරිපාලන මායිම් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකිවීම

ජාන ඉංජිනේරු විද්‍යාව



ජාන ඉංජිනේරු විද්‍යාව වානිජ මට්‌ටමෙන් යොදාගන්නා ප්‍රධාන ක්‍ෂෙත්‍ර අතුරින් කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක්‌ ගනියි. එහෙත් අන් ක්‍ෂෙත්‍ර මෙන් නො ව කෘෂිකර්මාන්තයේ දී ඇති වන සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු හේතූවෙන් ජාන ඉංජිනේරු විද්‍යාව දැඩි ආන්දෝලනයක්‌ ඇති කර ඇත. මේඅප රටට හා ජනතාවට එයින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ විවරණයකි. 
ලෝක ජනගහනය බිලියන 7 ඉක්‌මවා ඇත. ජනගහන වර්ධන වේගය එක ම රටාවේ පැවතිය හොත් 2025 වන විට ලෝක ජනගහනය බිලියන 9 දක්‌වා වැඩි වනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත. ජනගහනය රටකට සම්පතක්‌ වන නමුත් අධික ලෙස වැඩි වීම හමුවේ ගැටලු රාශියක්‌ නිර්මාණය කර ඇත. මිහිකත උණුසුම් වීමපාරිසරික දූෂණයරෝග හා ව්‍යාධි බහුල වීමතීව්‍ර වූ ස්‌වාභාවික ව්‍යසන ආදිය ඉන් ප්‍රධාන වේ. මේ ගැටලු සියල්ල අභිබවමින් මතු වන ප්‍රධාන ගැටලුව වන්නේ වැඩි වන ජනගහනයට සරිලන සේ ආහාර සැපයීමයි. ඇස්‌තමේන්තුගත ලෝක ජනගහන වර්ධනයෙන් 90%ක්‌ පමණ ම සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවලට සිදු වන බවට ගණන් බලා ඇත. එනම් ප්‍රධාන ආහාරය වන සහල් සඳහා ඇති ඉල්ලුම දැඩි ලෙස ඉහළ යමින් පවතියි. විද්‍යා තාක්‍ෂණ දැනුම කෙතරම් දියුණු වුවත් මේ වන විට ලෝක ජනගහනයෙන්1/7ක්‌ පමණ මන්දපෝෂණයෙන් පෙළෙමින් ඇත. සැම තත්පර 3කට වරක්‌ එක්‌ අයකු කුසගින්න නිසා මිය යන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත.
වැඩි වන ලෝක ජනගහනයට අවශ්‍ය ලෙස ආහාර නිෂ්පාදනය වැඩි කිරීම කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය හමුවේ ඇති ප්‍රබල ම අභියෝගයයි. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇති ක්‍රමවේද දෙකකි. එකක්‌ කෘෂිකාර්මික බෝග සඳහා යොදවා ඇති වගා භූමි ප්‍රමාණය වැඩි කිරීම වන අතර අනෙක්‌ උපාය වන්නේ ඒකීය භූමි ප්‍රමාණයකින් ලැබෙන ඵලදාව (නිෂ්පාදකතාව) වැඩිදියුණු කිරීමයි. වැඩි වන ජනගහනයට අවශ්‍ය නිවාස මංමාවත් හා සෙසු භෞතික අවශ්‍යතා වෙනුවෙන් භූමිය භාවිත කිරීමත් සමඟ පළමුවැනි උපාය මාර්ගය අනුගමනය කිරීම දුෂ්කර වී ඇත. මීට අමතරව උෂ්ණත්වයජල හිඟයලවණතාව හා රෝග වැනි සාධක ද මෙලෙස වගා භූමිය වැඩි කර ගැනීමට බාධාකාරී සාධක ලෙස පවතියි. ජනගහන වර්ධනයත් සමග අත්වැල් බැඳගත් විවිධ වූ රෝගාබාධයන්ට ඉහළ ගුණාත්මයකින් යුතු ඹෘෂධ වැඩිදියුණු කිරීම හා නිෂ්පාදනය තවත් ප්‍රබල අභියෝගයකි.
සමස්‌තයක්‌ ලෙස ගත් කල ජාන ඉංජිනේරු විද්‍යාව අද ලෝකයේ පවතින ආහාරසෞඛ්‍ය හා පාරිසරික ගැටලු රාශියකට විසඳුම් සැපයීම සඳහා බිහි වූ ඉතා ප්‍රයෝජනවත් තාක්‍ෂණයකි. එය ජෛව තාක්‍ෂණයේ සංරචකයකි. ජීවීන් ගේ ජාන නිර්මිත වන DNA කේත පරිගණකගත කරන ජීනෝම ව්‍යාපෘතීන්ට සමගාමීව වර්ධනය වූවකි. මිනිසා සිය අතීතයේ සිට තමාට වඩාත් උචිත ශාක හා සතුන් තෝරා බෝ කිරීම හෝ අභිජනනය කිරීමේ ක්‍රමවේදයේ සුවිශේෂීකරණයක්‌ ලෙස ජාන ඉංජිනේරු විද්‍යාව එක්‌අතකින් හැඳින්විය හැකි ය. නිතැතින් ම යහපත් රූපීය ලක්‍ෂණ තේරීම මඟින් සිදු වනුයේ ජීවියකගේ රූපීය ලක්‍ෂණ ඇති කරන ජාන තේරීමයි. 
ජාන ඉංජිනේරු විද්‍යාව මඟින් මිනිසාට අවශ්‍ය ජාන තේරීම නිශ්චිත ක්‍රමයකට කඩිනමින් සිදු කිරීමේ හැකියාව ඇති කර දී ඇත. 1973 දී ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානයක්‌ E. coli බැක්‌ටීරියාවකට ඇතුළු කිරීමෙන් බිහි වූ ජාන ඉංජිනේරු විද්‍යාව මඟින් පාරම්පරික අභිජනන තාක්‍ෂණයේ සීමා බිඳ දමමින් අවශ්‍ය රූපීය ලක්‍ෂණ ඇති කරන ජාන කොටස පමණක්‌ ඕනෑ ම ජීවියකු ගෙන් ලබාගෙන තවෙකකුට ප්‍රවේශ කිරීමේ හැකියාව මේ මඟින් ඇති වී ඇත. 


අර්ථ දැක්‌වීම 
මෙලෙස ජානයක්‌ හෝ ජාන කොටසක්‌ හෝ නවීන ජෛව තාක්‍ෂණ ක්‍රමවේද ඔස්‌සේ වෙනත් ජීවියකු හෝ සෛලයක්‌ වෙත ප්‍රතිවර්ත්‍ය නො වන ආකාරයට ප්‍රවේශ කිරීම මඟින් නව ලක්‍ෂණ සහිත ජීවියකු හෝ සෛල බිහි කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව නමින් හඳුන්වයි. 


ජාන සම්ප්‍රේෂණය කළ ජීවීන් ගේ සමීපතාව මත ජාන වෙනස්‌ කළ ජීවීන් වර්ග2කි.Transgenicයනු විශේෂ 2ක්‌ අතර සිදු වන ජාන සම්ප්‍රේෂණයෙන් බිහි වන ජීවීන් ය. Cisgenic යනු එක ම විශේෂයේ හෝ ගණයේ ජීවීන් අතර ජාන සම්ප්‍රේෂණයෙන් බිහි වන ජීවීන් ය. 1980 දශකයේ අගභාගයේ බිහි වූ මේ තාක්‍ෂණය ඔස්‌සේ මේ වන විට කෘමි හා රෝග හානි ප්‍රතිරෝධී ජීවින්,අධික වර්ධනයක්‌ සහිත බෝග හා සතුන්ඖෂධ වර්ග හා පෝෂක සංශ්ලේෂණය කළ හැකි පටක හා ජීවීන් රාශියක්‌ නිර්මාණය කර සාර්ථක වාණිජ නිෂ්පාදනයන් සඳහා භාවිත කෙරෙයි. පළමුවැනි වගුවේ දක්‌වා ඇති ආකාරයට ජාන ඉංජිනේරු විද්‍යාව කෘෂිකර්මජීවවිද්‍යා හා වෛද්‍යවිද්‍යා වැනි ක්‌ෂේත්‍ර ගණනාවක පර්යේෂණ සහ නිෂ්පාදන ගණනාවක්‌ සඳහා භාවිත වේ. (වගුව 1).
ජාන ඉංජිනේරු විද්‍යාවේ දී තෝරාගත් ජානයක්‌ ජීවී සෛලයකට බැක්‌ටීරියාවක්‌ මඟින් හෝ ජාන තුවක්‌කු භාවිතයෙන් හෝ සම්ප්‍රේෂණය කර එම සෛලය පටක රෝපණ මාධ්‍යයක වගා කර සම්පූර්ණ ජීවියකු (උදා( ශාකයක්‌ බවට) බවට වර්ධනය කරයි (රූප සටහන 1). මේ ක්‍රමවේදයේ දී තෝරාගත් ජානය නිසි පරිදි ලබාගත් බව නිර්ණය කිරීම සඳහා සාමාන්‍යයෙන් සලකුණු ජානයක්‌ ද (marker gene) ඒ සමග බද්ධ කර සම්ප්‍රේෂණය කරයි. සලකුණු ජානය මඟින් ප්‍රතිජීවකවලට ඔරොත්තු දීම හෝ රසායනිකයක්‌ මඟින් උද්දීපනය කරන වර්ණයක්‌ නිෂ්පාදනය වැනි රූපීය ලක්‌ෂණ ඇති කරනු ලබයි. එම ලක්‌ෂණ මඟින් තෝරාගත් ජානය සාර්ථක ව ජීවියා ගේ ජාන කිටුවට ස්‌ථාපිත වී ඇති බව දැනගනු ලබයි.
උපයෝගීතා වගුවේ දක්‌වා ඇති අයුරු ජාන ඉංජිනේරු විද්‍යාවේ යෙදවුම්,ක්‍ෂේත්‍ර ගණනාවක භාවිතයට ගැනේ. මේ නිසා ජීවවිද්‍යාත්මක හැදෑරීම් සඳහා නව මංපෙත් විවර වී ඇත. (වගුව 1). ඉන්සියුලීන් නිෂ්පාදනයට අදාළ මිනිස්‌ ජානය බැක්‌ටීරියාවක්‌ තුළට සම්ප්‍රේෂණය කර එමඟින් ඉන්සියුලින් නිෂ්පාදනය,ජාන ඉංජිනේරු විද්‍යාවේ සාර්ථක වානිජ යෙදවුමක්‌ ලෙස දැක්‌විය හැකි ය. හාල් ඇටය තුළ විටමින් සංශ්ලේෂණය වන ලෙස වෙනස්‌ කළ වී මඟින් විටමින් ඌනතාවට පිළියම් යෙදීමට උත්සාහ දැරෙයි. ඉන්ටර්ෆෙරොන් ඉන්ටර්ලියුකීන් වැනි ඖෂධ ක්‍ෂුද්‍රජීවී පද්ධති තුළින් සංශ්ලේෂණය කර මානව වර්ගයා ගේ පෙර සුව කළ නොහැකි වූ රෝග සුව කිරීම සඳහා යොදා ගනියි. එලෙස ම Bacillus thurengenesis (Bt) නම් පාංශු බැක්‌ටීරියාවේ ඇති Cryනම් ප්‍රෝටීන කාණ්‌ඩයේ ජාන උපයෝගී කරගනිමින් කෘමි හානිවලට ප්‍රතිරෝධීBt-සහල්, Bt-තිරිඟු හා Bt-කපු ශාක නිපදවා ඇත. ශාකය තුළ නිෂ්පාදනය වනCry නම් ප්‍රෝටීනය මඟින් ශාකය අනුභව කරන කෘමීන් මරණයට පත් වේ. විවිධ කෘමි කාණ්‌ඩ සඳහා මාරාන්තික වන විශේෂ Cry ප්‍රෝටීන වර්ග සොයාගෙන ඇත. (වගුව 2). රූපසටහනේ දක්‌වා ඇති
 අයුරු Cry ප්‍රෝටීනය කෘමීන් ගේ ආහාර පද්ධතියේ පවතින භාෂ්මික ස්‌වභාව නිසා සක්‍රිය වී ආහාර අවශෝෂණය නවතා දමයි. (රූප සටහන 2). මේBt ජාන මඟින් පළිබෝධ නාශක භාවිතය කැපී පෙනෙන ලෙස අඩු කළ හැකි බව පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක මඟින් මිනිසුන් ගේ සෞඛ්‍යයට හා පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් ද කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.
තව ද වල්නාශක සඳහා ඔරොත්තු දෙන ශාක වර්ග ද නිපදවා ඇත. Roundup read වැනි වාණිජ නම් දරන මේ ශාක වර්ගවල ගලයිෆොසේට්‌ නම් වල් නාශකයට සංවේදී EPSP synthase නම් එන්සයිමයට අදාළ ජානය වෙනස්‌ කර ඇත. ඉහළ වල්නාශක සාන්ද්‍රණවලට ඔරොත්තු දෙන නිසාවල් මර්දනය සදහා වැඩි සාන්ද්‍රණයකින් වල්නාශක භාවිත කළ හැකි වී ඇත. 
සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් 
ජාන ඉංජිනේරු විද්‍යාව අපට කෙතරම් ප්‍රයෝජනවත් වුවත්මිනිසා බිහි කළ සෙසු තාක්‍ෂණ සේ ම ඒ හා සැබැඳුණු අහිතකර බලපෑම් හා ප්‍රතිඵල රාශියක්‌ ඇත. රසායනාගාර තත්ත්ව හෝ සංවෘත පද්ධති තුළ භාවිත කරන ජාන වෙනස්‌ කළ ජීවීන්ට වඩා ක්‌ෂේත්‍රගත කළ ජාන වෙනස්‌ කළ ජීවීන් ගේ සිදු වන සෞඛ්‍යමය හා පාරිසරික වෙනස්‌කම් සැලකිය යුතු ලෙස ඉහළ ය. විශේෂයෙන් ජාන වෙනස්‌ කළ බෝග ශාක සම්බන්ධව ඇති වන අහිතකර ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් කාලෝචිත ය.
සෞඛ්‍යයට අහිතකර විපාක
එක්‌ ජීවියකු තුළ ක්‍රියාත්මක වන වෙනත් ජීවියකු ගේ ජාන මඟින් හිතකර හා අහිතකර ප්‍රතික්‍රියා ඇති විය හැකි බවට සාධක පවතියි. ජාන නිරූපණ ක්‍රියාවලියේ සංකීර්ණ භාවය අනුව ජීවියකු තුළ ඇති නම් පිටස්‌තර ජානය බලාපොරොත්තු වන ඒ ඒ සංයෝගය මෙන්ම එම ජීවීන් දෙදෙනා ගේ කායකර්මීය ක්‍රියාකාරිත්වයේ වෙනස්‌කම් මත අසම්පූර්ණ ජාන නිරූපනය මඟිsන් බලාපොරොත්තු නො වන ආකාරයේ ප්‍රෝටීන සංයෝග සෛල තුළ නිපදවීමේ සම්භාවිතාවක්‌ ඇත. මෙවැනි සංයෝග මානව සෞඛ්‍යයට අහිතකර විපාක (ආසාත්මිකතා) ඇති කළ හැකි බව අනුමාන කෙරෙයි. ජානය නිරූපණය කරන ජීවියා ගේ (ශාකයේ) හා ජානය ලබාගත් ප්‍රභවය (ජාන දායකයා) අතර පවතින පරිනාමික දුරස්‌ථභාවය මෙවැනි සංකූලතා ඇති කිරීමේ සම්භාවිතාව අඩු හෝ වැඩි හෝ කිරීමට බලපායි. සාමාන්‍යයෙන් එක ම විශේෂයක්‌ තුළ සිදු කරන ජාන සම්ප්‍රේෂණයකින් (සිස්‌ජෙනික්‌ ක්‍රමය) එවැනි අහිතකර සංයෝග ඇති වීමේ සම්භාවිතාව අවම වේ.
වැඩි පෝෂණයෙන් යුතු සෝයා බෝංචි සෑදීම සඳහා 'බ්‍රසිලියන් නට්‌'බෝගයෙන් ලබාගත් ප්‍රෝටීන සංශ්ලේෂක ජානයක්‌ (methionon) භාවිත කිරීමෙන් ලද අත්දැකීම හොඳ නිදර්ශකයකි. ඵම ජානය මඟින් සෝයා බෝංචි තුළ අසාත්මිකතා ඇති කරන සංයෝග ඇති වන බව පසුව සොයාගැනීමෙන් අනතුරු ව මේ ජාන වෙනස්‌ කළ ශාක වෙළෙඳ පොළෙන් ඉවත් කරන ලදි.Starlink corn (ඉරිඟු) සම්බන්ධව ද මේ සමාන තත්ත්වයක්‌ ඇති විය. ජානය වෙනස්‌ කර වඩා ස්‌ථායි Bt ප්‍රෝටීන සාදන Starlink ඉරිඟු සත්ත්ව ආහාර සඳහා පමණක්‌ අනුමත කරන ලදි. ඵසේ නමුත් මිනිස්‌ පරිභෝජනය සඳහා යොදාගත් ඉරිඟු තුළ ද පසුකාලීනව මේ ප්‍රෝටීන සොයාගැනීම නිසා මේ බෝගය ද වෙළෙඳ පොළෙන් ඉවත් කරන ලදි. 



සෞඛ්‍යයට බලපාන තවත් කරුණක්‌ වනුයේ ජාන වෙනස්‌ කළ හොත් පවතින නියමිත ජානයට අමතරව එකතු වන සලකුණු ජානයයි (marker gene). මෙය ද ජාන කිටුවට ඇතුළත් කර ඇති පිටස්‌තර ජානයක්‌ වන අතර එමඟින් ද අහිතකර ප්‍රතිඵල ඇති කිරීමේ යම් සම්භාවිතාවක්‌ වේ යෑයි අනුමාන පවතියි. මේ වන විට මේ සලකුණු ජානය ඉවත් කිරීමේ ක්‍රමවේද දියුණු කර ඇති නිසා නුදුරු අනාගතයේ නිපදවන ජාන වෙනස්‌ කළ ශාක බොහොමයක මේ සලකුණු ජාන අවදානම නො පවතිනු ඇත.

පරිසරයට වන අහිතකර විපාක

ඉහත සඳහන් කළ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වන්නේ ජාන වෙනස්‌ කළ ආහාර ශාක පරිභෝගිකයන් වෙත ය. එම ආහාර පරිභෝජනය කරනවා දැයි පරිභෝජකයාට තීරණය කළ හැකි ලෙස එම ආහාර අඩංගු අසුරණයේ ජාන වෙනස්‌ කළ බව දැක්‌වීමට අප රටේ නීති පනවා ඇත. එක්‌සත් ජනපදය ද මේ සඳහා පියවර ගනිමින් සිටියි. ඒ අනුව ජාන වෙනස්‌ කළ ආහාර බෝගවල ගුණාගුණ පුද්ගලානුබද්ධ ප්‍රශ්නයක්‌ වේ. එසේ නමුත් ජාන වෙනස්‌කම් නිසා පරිසරයට වන හානිය ඊට වඩා කීප ගුණයකින් ඉහළ අතර ප්‍රතිවර්ත කිරීමට අපහසු පොදු ප්‍රශ්නයකි.

කෘමී හානි හා ව්‍යාධිකාරක ප්‍රතිරෝධී (insects and pathogen resistant)ජාන ඇති ශාක ක්‌ෂේත්‍රයේ වගා කළ විට එකි ඉලක්‌කගත ජීවීන් ගේ පැවැත්මට තර්ජනයක්‌ එල්ල වේ. එහි ප්‍රතිඵල ලෙස කෙටිකාලීනව කෘමීන් හා ව්‍යාධිකාරකයන් විශාල ලෙස මිය යන මුත් ස්‌වාභාවික ව ම එම තර්ජනයට ඔරොත්තු දෙන කෘමීන් හෝ ව්‍යාධිකාරකයන් කීප දෙනකු ඉතිරි වී ඔවුන් මඟිsන් ප්‍රතිරෝධී ජීවි ගහනයක්‌ ඇති වීම ස්‌වාහාවිකව සිදු වන දෙයකි. එම ප්‍රතිරෝධී ජීවි ගහනවලට ජාන වෙනස්‌ කළ ශාක මත යෑපීමට හැකි වීමත් සමඟ ජාන වෙනස්‌ කළ ශාකවල උපයෝගීතාව හීන වේ. එනම් නැවත ප්‍රබල ක්‍රියාකාරී කෘෂි පළිබෝධ භාවිතයට යා යුතු තත්ත්වයක්‌ දීර්ඝකාලීනව නිර්මාණය වේ. 

ජාන වෙනස්‌ කළ ශාක හේතුවෙන් කෘමි හා ව්‍යාධිකාරකයන් තුළ ප්‍රතිරෝධි ප්‍රභේද වර්ධනය අඩාළ කිරීම සඳහා ගන්නා එක්‌ ප්‍රධාන ක්‍රමවේදයක්‌ වන්නේ ජාන වෙනස්‌ කළ භෝග ප්‍රභේද සමග එසේ වෙනස්‌ නො කළ ප්‍රභේද යම් ප්‍රමාණයක්‌ වගා කිරීමයි. මෙය සරණාගත බෝගයක්‌ ලෙස හඳුන්වයි. කෘමීන් හා ව්‍යාධිකාරකයන් මේ සරණාගත බෝගය මත යෑපෙන නිසා ඔවුන් තුළ ප්‍රතිරෝධී ප්‍රභේදන ඇති වීම වැළැක්‌වීම මෙහි අරමුණයි. ජාන වෙනස්‌ නො කළ ප්‍රභේද කොපමණ ප්‍රතිශතයක්‌ වගා කළ යුතු දැයි යන්න භෝග ප්‍රභේදයකෘමි/හානියේ ප්‍රමාණය හා ඔවුන් ගේ ජෛව නම්‍යශීලීභාවය යන සාධක මත රඳා පවතියි. උදාහරණයක්‌ ලෙස Bt බඩඉරිඟු සමග එසේ ජාන වෙනස්‌ නො කළ බඩඉරිඟු 5%-10% ප්‍රමාණයක්‌ වගා කිරීම ඇමෙරිකාවේ සිදු කෙරෙයි. මේ ක්‍රමයේ තිරසර බව පිළිබඳව ප්‍රශ්නාර්ථයක්‌ පවතියි. මන්ද යත් Bt සඳහා ප්‍රතිරෝධී කෘමි විශේෂ 2ක්‌ මේ වන විට ඇමෙරිකාවේ ඇති වී ඇති නිසා ය.

කෘමි හා ව්‍යාධිකාරක ප්‍රතිරෝධි ජාන යොදා ගැනීමේ දී පැනනඟින තවත් සංකූලතාවක්‌ වන්නේ ප්‍රාථමික කෘමි/ව්‍යාධිකාරකයන් ඉවත් වන විට ද්විතීයික කෘමි/ව්‍යාධිකාරකයන් ගේ හානිය වැඩි වීමයි. ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීම හෝ ජාන කීපයක්‌ ඇතුළත් කළ (gene stacked) බෝග ප්‍රභේද නිපදවීම සිදු කර ඇත. උදාහරණයක්‌ ලෙස Bollguard II නම් සන්නනාමය සහිත බෝගවල Cry1 සහ Cry2 යන Bt ජාන ද්විත්වය ඇත. එමඟින් ප්‍රාථමික හා ද්විතීයික කෘමි/ව්‍යාධිකාරයකයන් ද පාලනය කරයි. එසේ නොහැකි අවස්‌ථාවල දී කෘමිනාශක හා පළිබෝධ නාශක භාවිතය නිර්දේශ කරයි. 

ජාන කීපයක්‌ ඇතුළත් කළ විට දී ප්‍රතිරෝධී කෘමි/ව්‍යාධිකාරයකයන් වැඩි ප්‍රමාණයක්‌ ඇති වීමේ සම්භාවිතාවක්‌ පවතියි. කෘමි/ව්‍යාධිකරක ප්‍රතිරෝධි ජාන භාවිත කිරීමේ දී හිතකර ජීවීන් ගේ පැවැත්මට ඇති වන තර්ජන ගැන ද සලකා බැලිය යුතු ය. Bt වැනි කෘමි ප්‍රතිරෝධි ජාන පරාගවල පවා නිරූපනය වේ. මේ පරාග සෙසු ශාක මත තැන්පත් වීම හේතුවෙන් ඒ මත ජීවත් වන ජීවීන් ද මේ පරාග අනුභවය නිසා වැනසී යැමට හැකි ය.

කෘමි හා ව්‍යාධිකාරකයන්ට ප්‍රතිරාaධී ජාන සහිත ශාක වගා කළ විට එම විශේෂයේ සෙසු ප්‍රභේද වෙත කෘමීන් ගේ හා ව්‍යාධිකාරකයන් ගෙන් එල්ල වන තර්ජනය වැඩි වීම තවත් ප්‍රතිඵලයකි. එවිට එම ප්‍රභේද ක්‍රම ක්‍රමයෙන් වඳ වී යන තත්ත්වයට පත් විය හැකි ය. උදාහරණයක්‌ ලෙස Bt ජානය සහිත කපු ශාක වගාවන් නිසා ස්‌වාභාවික කපු ශාක ප්‍රභේද වඳ වී යැමට පටන්ගෙන ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ. තව ද මේ පාරම්පරික ප්‍රභේද අභිබවමින් ගොවීන් ආර්ථිකව ලාභදායි ජාන වෙනස්‌ කළ ප්‍රභේද වැවීමට යොමු වීම මෙයට තවත් එක්‌ හේතුවක්‌ වී ඇත. මෙලෙස පාරම්පරික ප්‍රභේද වඳ වී යන විට ඒ සමග ම එම බෝගයේ ඇති ජාන විවිධත්වය ක්‍ෂය වී යයි. අප රටේ වී වැනි ශාකයක්‌ ගත් විට එහි පාරම්පරික ප්‍රභේද 100 ගණනක්‌ ඇති අතර ඒවා තුළ සුවිශේෂ ජාන විවිධත්වයක්‌ ඇත. අප රටේ පවතින වී වගාවට හානි කරන කෘමි රෝග 2ක්‌ සඳහා අවශ්‍ය ප්‍රතිරෝධී ජාන ලබාගෙන ඇත්තේ මේ පාරම්පරික ප්‍රභේද තුළිනි. වී වගාවට හානි පමුණුවන ජීවි හා අජීවි සාධකවලට මුහුණ දීමට අවශ්‍ය ජාන රාශියක්‌ අප ගේ පාරම්පරික වී ප්‍රභේද තුළ ඇත. එහෙත් ඒවා වඳ වී ගිය හොත්,එම ජාන ද සම්පූර්ණයෙන් නැති වී යනු ඇත. වී ශාකය අනාගතයේ වැඩි දියුණු කිරීමේ විභවය මේ සමග ක්‍ෂය වේ. 

වල්නාශකවලට ඔරොත්තු දෙන ජාන ඇතුළු කළ බෝග ශාක භාවිතයේ දී ද ඉහත ආකාරයෙන් වල්නාශක ප්‍රතිරෝධි වල් පැළෑටි ඇති වීමේ සම්භාවිතාව ඉහළ යයි. වල්නාශක ප්‍රතිරෝධී බෝග ශාක හේතුවෙන් අධික සාන්ද්‍රණවලින් වල්නාශක යෙදීමට ගොවියා පෙලඹේ. මෙය වල්නාශක ප්‍රතිරෝධි වල් පැළෑටි ඇති වීම ප්‍රවර්ධනය කරයි. මෙලෙස ප්‍රතිරෝධී වල් ගහන පාලනය කළ නොහැකි ලෙස පැතිරීම කාලයත් සමග සිදු විය හැකි ය. තව ද වල්නාශක අධික ප්‍රමාණවලින් භාවිත කිරීම හේතුවෙන් යාබද ක්‌ෂේත්‍රවල ඇති බෝග වර්ධනය සඳහා ද බලපෑම් ඇති විය හැකි ය. එහි ප්‍රතිපලය වන්නේ යාබද ක්‌ෂේත්‍රවල වගාව අතහැරීම හෝ එම ක්‌ෂේත්‍රවල ද වල්නාශක ප්‍රතිරෝධී ජාන සහිත බෝග වගා කිරිමට සිදු වීමයි. 

ජාන සම්ප්‍රේෂණය 

යම් බෝගයකට ඇතුළු කළ පිටස්‌තර ජානය එම බෝග ප්‍රභේදයෙන් පිටතට සම්ප්‍රේෂණය වීම අවිධිමත් ජාන සම්ප්‍රේෂණය ලෙස හඳුන්වයි. මෙය තිරස්‌ ආකාර ජාන සම්ප්‍රේෂණය (hori'ontal gene transfer) හා සිරස්‌ ආකාර ජාන සම්ප්‍රේෂණය (vertical gene transfer) යෑයි මෙහි ප්‍රධාන ක්‍රම 2කි. තිරස්‌ ජාන සම්ප්‍රේෂණය මඟින් එම විශේෂයේ ම වෙනත් ප්‍රභේද කරා ජාන සම්ප්‍රේෂණය දැක්‌විය හැකි ය. ජාන වෙනස්‌ කළ ශාකයක පරාගයක්‌ එසේ නො කළ ශාකයක පුෂ්පයක තැන්පත් වීමෙන් ඇති වන ඵලයෙන් හටගන්නා ශාකවල පිටස්‌තර ජානය ඇතුළත් වේ. පිටස්‌තර ජානයේ වාසිය ලබාගන්නා එම ශාක සෙසු ප්‍රභේද පරදවමින් ව්‍යාප්ත වීම මේ මඟින් ඇති වන අහිතකර ප්‍රතිඵලයකි. අප රටේ වී ශාකය ගත් විට එය ස්‌වපරාගණය සිදු වන ශාකයකි. එසේ නමුත් 100 m පමණ පරතරයක්‌ ඇති ශාක අතර 0.01% පරපරාගණය සිදු වීම නිසා වීවල ද තිරස්‌ ජාන සම්ප්‍රේෂණය සිදු විය හැකි ය. මෙහි ඉතා අහිතකර ප්‍රතිඵල සහිත ක්‍රියාවලියක්‌ වන්නේ වල්නාශක ප්‍රතිරෝධී ජානය දැනටමත් දැඩි ප්‍රශ්නයක්‌ බවට පත් වී ඇති වල් වී ප්‍රභේද වෙත සංක්‍රමණයයි. පරපරාගණය සිදු වන ශාකවල මේ සම්ප්‍රේෂණය ඉතා වැඩි ය. ඇමෙරිකාවේ උතුරු ඩකොටාහි 2010 දී කළ පර්යේෂණයකින් හෙළි වූයේ එහි ඇති වල් කැනෝලා (අබ පවුලට අයිති) ශාකවලින් 80්‍රකට ම වල්නාශක ප්‍රතිරෝධී ජානය සම්ප්‍රේෂණය වී ඇති බවයි.

මෙලෙස ජාන සම්ප්‍රේෂණය වැළැක්‌වීම සඳහා නිර්දේශිත ක්‍රමය වන්නේ ජාන වෙනස්‌ කළ බෝග වෙන් කරපරාග ගමන් නො කරන දුරකින් එහි පාරම්පරික ප්‍රභේද නො පිහිටන ලෙස වගා කිරීමයි (රූපය). එහෙත් මෙය ප්‍රායෝගිකව කෙතරම් දුරට අප රටේ සාර්ථක වේ දැයි කීමට විද්‍යාත්මක සාක්‍ෂි නොමැත. ඊට අමතරව බීජ ඇට (වී) මඟින් ජාන සම්ප්‍රේෂණය සිදු විය හැකි ය. මිනිසුන් මෙන්ම කුරුල්ලන් හා කුඩා ක්‍ෂීරපායි සතුන් මඟින් වී ඇට වෙනත් ප්‍රදේශ කරා ප්‍රචාරණය වී එමඟින් අසල ඇති පාරම්පරික ප්‍රභේද වෙත ජාන ගමන් කළ හැකි ය.

බීජල ආහාර හා පාරිසරික සුරක්‌ෂිතතාව

ශ්‍රී ලංකාව ඉතා කුඩා දිවයිනකි. එහෙත් අප රට සතු ව විශාල ජෛවවිවිධත්වයක්‌ පවතියි. එසේ ම වී ප්‍රධාන කොට ගත් බෝග වර්ග රාශියක වල් දර්ශ හා පාරම්පරික ප්‍රභේද රාශියක්‌ අප රට තුළ ඇත. ඉහළ ජෛවවිවිධත්වය හා සබැඳුණ ඉතා සංවේදී පරිසර පද්ධති අප රටේ ඇත. පිටස්‌තර ජාන සහිත බෝග වගා කිරීම හේතුවෙන් අප ගේ අනභිභවනීය ජෛවවිවිධත්වයත් විශේෂයෙන් බෝග ආශ්‍රිත ජාන විවිධත්වයත් වැනසී යැමේ තර්ජනයක්‌ පවතින බව පෙනේ.

ජාන වෙනස්‌ කළ බෝග සම්බන්ධ තවත් අමිහිරි සත්‍යයක්‌ නම් ඒවායේ බෝග අයිතිය ඇත්තේ කෘෂිරසායනික නිෂ්පාදනය කරන සමාගම් සතු ව බව ය. ඉන්දියාවේ ප්‍රථමයෙන් Bt කපු වගාව ආරම්භ කළේ අනවසරයෙන් වන අතර ඉන්පසු එයට නීත්‍යනුකූලව අවසර දීමට රජයට සිදු විය. ඒ ගොවි ජනතාව ගෙන් එල්ල වූ බලපෑම් නිසාවෙනි. අප ගේ ගොවි ජනතාව ද මේ තත්ත්වයට උපයාශීලීව යොමු කරවීමේ හැකියාවක්‌ පවතියි. ඒ නිසා ගොවිජනතාව දැනුවත් කිරීම ද ඉතා අවශ්‍ය වේ.

ජාන වෙනස්‌ කළ ශාක කෙටිකාලීනව ඉහළ ආර්ථික වටිනාකමක්‌ ලබා දෙයි. මේ හේතුව නිසා ගොවි ජනතාව නිතැතින් ම මේ සඳහා යොමු වීම වැළැක්‌වීම ඉතා අපහසු වනු ඇත. කලක්‌ එම ප්‍රභේදවලට හුරු වන විට අප ගේ පාරම්පරික ප්‍රභේද අභාවයට යනු ඇත. ජාන වෙනස්‌ කළ ශාක මිල දී ගැනීම සඳහා නිෂ්පාදන සමාගම වෙත යැමට ගොවියාට සිදු වේ. බෝග වැඩිදියුණු කිරීමට යොදාගන්නා ජාන සාමාන්‍යයෙන් බුද්ධිමය දේපළක්‌ වන නිසා පෙර කන්නයේ දී වගා කළ බෝගයේ බීජ මේ කන්නයේ දී වගා කිරිම නීති විරෝධී වේ. එහි දී අප රටේ බීජ හා ආහාර සුරක්‍ෂිතතාව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ. අනවසරයෙන් Bt ජානය සහිත බෝග වැවීම හේතුවෙන් ඇමෙරිකාවේ හා කැනඩාවේ ගොවීන් රාශියකට එම ජානයේ පේටන්ට්‌ අයිතිය ඇති සමාගම් නඩු පවරා වන්දි අය කරගෙන ඇත. 

අප රට වැනි දිවයින් වශයෙන් පවතින සියලු ම රටවල් ජාන වෙනස්‌ කළ බෝග වගා කිරීම හෝ සතුන් ඇති කිරීමට එරෙහි ව සම්බාධක පනවා ඇත. එංගලන්තය හා ජපානය මේ සඳහා හොඳ උදාහරණ වේ. එසේ ම පවතින ජාන වෙනස්‌ කළ ජීවීන් ගේ හානි ඇගයීමේ ක්‍රමවේදයන්හි ද (risk
assessment) සැලකිය යුතු අඩුපාඩු පවතින බව පෙනේ. එවැනි බෝග වගාවන් සඳහා අවසර දීමේ දී එම බෝගයන් සංවර්ධනය කළ ආයතනය මඟින් ලබා දෙන ආරක්‍ෂණ හා නිරෝධායන දත්ත මත තීරණ ගන්නා බව පෙනෙන්නට තිබේ.

1992 රියෝ ද ජැනිරෝහි ජෛවවිවිධත්ව ප්‍රඥප්තිය සහ 2006 ජෛව සුරක්‌ෂිතතාව පිළිබඳ කාටීජිනා ප්‍රඥප්තියට අප රට අත්සන් තබා ඇත. එහෙත් අප රටේ මේ වන විට ජාන වෙනස්‌ කළ ජීවීන් සම්බන්ධව ඇති එක ම නීතිය වන්නේ එවැනි ආහාර ජාන වෙනස්‌ කළ ප්‍රභවයන් ඇසුරින් නිපදවා ඇති බව ලේබලයේ දක්‌වා තිබිය යුතු බව කියවෙන 2006 අගෝස්‌තු මස නිකුත් කළ ගැසට්‌ පත්‍රය පමණි. මේ බෝග වගාව හෝ ක්‌ෂේත්‍ර පර්යේෂණවලට අදාළ නීති රෙගුලාසිතවම අප රටේ සම්පාදනය වී නැත. 

මේ වන විට අප ගේ විශ්වවිද්‍යාල තුළ මේ ජාන වෙනස්‌ කිරීමේ ක්‍රමවේද සම්බන්ධ පර්යේෂණ ඉහළ මට්‌ටමකින් සිදු කෙරෙමින් පවතියි. එනම් අප සතු ව ජෛව තාක්‍ෂණය ඉහළ මට්‌ටමක ඇත. එය ජාතියක්‌ වශයෙන් අප හට සතුටු විය හැකි ප්‍රගතිශීලි පියවරකි. පර්යේෂණාගාර තුළ සිදු කරන මේ ජාන වෙනස්‌ කිරීම් ක්‌ෂේත්‍රයේ අත්හදා බැලීමේ අවශ්‍යතාව නුදුරු දිනක දී ම උදා වනු ඇත.

ජාන ඉංජිනේරු විද්‍යාවෙන් බිහි කළ කෘෂි බෝග සම්බන්ධව මේ ක්‌ෂේත්‍ර පරීක්‍ෂණ සිදු කිරීමේ විධිමත් ක්‍රම පටිපාටියක්‌ ඉතා ඉක්‌මනින් අප රට තුළ ස්‌ථාපිත කළ යුතු ය. එමඟින් අප රටේ පාරම්පරික ප්‍රභේද ඇති බෝග ශාක සම්බන්ධව ජාන වෙනස්‌ කරමින් සිදු කරන ක්‌ෂේත්‍ර පර්යේෂණ දැඩි පාලනයකට යටත් කළ යුතු බව මා ගේ හැඟීමයි. නොඑසේ නම් ඉහත සඳහන් කළ ප්‍රතිවිපාකවලට අප ගේ අනාගත පරම්පරාවට මුහුණ දීමට සිදු වනු ඇත. මේ පාලනය සිදු කිරීමේ වගකීම පැවරෙන පාර්ශ්වයන් හඳුනා ගැනීමත්වගකීම් කඩ කිරීමේ දී දිය යුතු දඬුවම් පිළිබඳ වත් විධිමත් ලෙස දැක්‌විය යුතු ය. ජාන වෙනස්‌ කළ ශාක අනවසරෙන් හෝ අතපසු වීමෙන් පරිසරයට මුදා හළ අවස්‌ථාවල දී ගත යුතු හදිසි තාක්‌ෂණික පියවර හා එහි වගකීම දැරිය යුතු පාර්ශ්වයන් හඳුනාගැනීම තවත් වැදගත් කාර්යයකි. මේ සියලු කටයුතු පාලනය හා නියාමනය සඳහා විද්වතුන් ගෙන් සුසැදි බල අධිකාරියක්‌ ස්‌ථාපනය කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ අප රටට උද්ගත වී ඇත. එවැනි බල අධිකාරියක ඒකායන අරමුණු විය යුත්තේ කෙටිකාලිSන වාසි තකා දිගුකාලීන ගැටලු ඇති කරන ජෛව තාක්‍ෂණික යෙදවුම් පාලනය කිරීම විනා පර්යේෂණික හා තාක්‍ෂණික සාක්‌ෂරතාවට අකුල් හෙළීම නො වන බව අවධාරණය කළ යුතු ය.

Monday, November 27, 2017

ග්ලැසියර් ක්‍රියාවලිය


අධික බරින් හා පීඩනයෙන් යුත් ග්ලැසියර් තල භූ තලය මත ගැලීමේ දී එහි උෂ්ණත්වය ඉහළ ගොස් දියවීම ඇරඹී ගුරුත්ව බලය නිසා ගැලීම සිදුවේ. බොහෝ විට මෙම ගැලීම පියවි ඇසට නොපෙනෙන තරම් හිමින් සිදුවේ.
සමහර විට දිනකට සෙන්ටිමීටර් කිපයක් පමණ ගැලීම සිදුවේ. නමුත් ගිම්හාන සෘතුවේ දී ගැලීම වේගවත් වේ.
මෙසේ ගැලීම නිසා ග්ලැසියර් ක්‍රියවලිය ඇරඹේ. අනෙකුත් ඛාදන කාරකයන් වලදි මෙන් ග්ලැසියර් ක්‍රියාවලිය ආකාර 3 කි.
ඛාදන ක්‍රියවලිය
2 පරිවාහන ක්‍රියාවලිය
3 නිධි සාදන ක්‍රියාවලිය
ග්ලැසියර් කරණය ආශ්‍රිත ඛාදන ක්‍රියාවලි ආකාර 3 කි.
1 උත්පාටනය
2 පිරිසැරිම
3 උල්ලෙඛය
උත්පාටනය
ග්‍රීස්ම සෘතුවේ දී කදු මුදුන්වල කුඩා ආවාට හෝ ගල් පර්වත අතර කුස්තුර තුළට ඇතුල්වන ජලය ශ්‍රීත සෘතුවේ දී මිදෙන විට එහි පරිමාව 10 % කින් පමණ ඉහළ යාම නිසා පීඩන
ය වැඩි වි එම පාෂාණ වල පතුරු ගැලවි පුපුරායාම තුළින් සිදුවන ඛාදනයයි. උදාහරණ ලෙස කදුකර ප්‍රදේශ වල ඇති සර්ක හෙවත් කොරි නිර්මාණය වන්නේ ද මෙම උත්පාටන ක්‍රියාවලිය හේතුවෙනි.
පිරිසැරිම
පිරිසැරිම යනු ග්ලැසියර් කුට්ටි ගමන් කරන විට නිම්න වල ඇති පාෂාණ ඛාදනය වී යෑමයි. පිරිසැරිම නිසා ග්ලැසියර් තලයේ පහළටම නිම්න පත්ල ඛාදන විමෙන් U හැඩ නොගැඹුරු නිම්න නිර්මාණය වේ.
උල්ලේඛය
උල්ලේඛය යනු තද පාෂාණ සහිත ප්‍රදේශයක් ඔස්සේ ග්ලැසියර් ගමන් කල විට ඒවා ඛාදනය නොවී සිරි ඔප මට්ටම් විමයි. බොහෝ විට ග්ලැසියර් ගමන් කරන නිම්නයේ පත්ල ඔප මටිටම්ව ඇත්තේ මෙම උල්ලේඛ ක්‍රියාව නිසාය.
ග්ලැසියර් සානු නිර්මාණය වන්නේ මෙසේ සිදුවන උල්ලේඛය හේතුවෙනි.
ග්ලැසියර් වර්ග
 ව්‍යාප්තිය අනුව ග්ලැසියර් වර්ග 2 කි.
1 කදු ග්ලැසියර් හෙවත් නිම්න ග්ලැසියර්
2 මහද්වීපික ග්ලැසියර් හෙවත් මහතලා ග්ලැසියර්
කදු ග්ලැසියර් හෙවත් නිම්න ග්ලැසියර්
හිමාලය / රොකී / අන්දිස් / ඇට්ලස් / පිරිනිස් / කිලිමන් ජාරො ඇල්පස් , ආදි කදුකර ප්‍රදේශ වල 6000 m ට වඩා උස ප්‍රදේශ වල ඇති ග්ලැසියර් කදු ග්ලැසියර් නම් වේ. මෙවා කදුකර නිම්න තල තැම්පත්ව ඇති නිසා නිම්න ග්ලැසියර් ලෙස හදුන්වයි.
නිම්න ග්ලැසියර් ක්‍රියාවලිය ආශ්‍රිත භූ රූප
අපේ අධ්‍යාපනයේ පහසුව සදහා නිම්න ග්ලැසියර් ආශ්‍රිත භූ රූප වර්ග 3 කට බෙදේ.
1 නිම්න වලට ඉහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප (කදු මුදුන් )
2 නිම්න වල පහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප 3 නිම්න ග්ලැසියර් ආශ්‍රිත නිධි සාධිත භූ රූප.
නිම්න වලට ඉහළ ප්‍රදේශවල ආරෝපිත ඛාදිත භූ රූප
සර්ක - කොරි - කොම් - ද්‍රෝණි.
ගිරි විල - ටාන් විල්
අරේට
පිරමීඩ ආකාර කූට
හෝන් තුඩු / ගිවර.
සර්ක
උත්පාටනය නිසා කොරි නිර්මාණය එනම් ග්‍රීස්ම සෘතුවේ කුඩා ආවට වලට පිරෙන ජලය ශ්‍රීත සෘතුවේ දී ඝනිභවනය විමෙන් එහි පීඩනය වැඩිවි පාෂාණ කැබලි ගැලවි යාම හෙවත් උත්පාට ක්‍රියාවලිය නිසා නිර්මාණය වන පළල් ගැඹුරු ආවාට කොරි නම් වේ.
සමහර විටක කදු මුදුන වටා කොරි වළල්ලක් ලෙස මෙය පිහිටයි.
මෙය හාන්සි පුටුවක හැඩය ගනි.
ගිරි විල
ග්‍රීස්ම සෘතුවේ දි කොරිය ජලයෙන් පිරීගිය විට එය කදු මුදුනේ පිහිටි විලක් මෙන් පිහිටයි.
එය ගිරි විල නම් වේ. උදාහරණ ලෙස ලෝකයේ උසම විල ටිටිකකා විල ( අන්දීස් විල )
අරේට
කොරි දෙකක් අතර තියුණුව පිහිටි නෙරුව අරේට වේ. දළ බෑවුම් සහිතය.